යුද හමුදාව අඛණ්ඩ මෙහෙයුම් දියත් කරයි
දිවයින බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් විපතට පත් ජනතාව මුදාගැනීම සහ ඔවුන්ට අවැසි උපකාර කිරීම සඳහා මේවන විටත් 20,500ක් පමණ වූ යුද හමුදා භට පිරිස් ප්‍රමාණයක් දිවයින පුරා යොදවා ඇතැයි ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සදහන් කරයි.
එසේම ඊයේ දින පමණක් ආපදා තත්ත්වය හේතුවෙන් විපතට පත් 3790ක් පමණ වූ ජනතාවක් මුදවාගෙන සුරක්ෂිත මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට යුද හමුදාව කටයුතු කර තිබුණි. අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් විපතට පත් ජනතාව මුදාගැනීම සහ ඔවුන්ට අවැසි උපකාර කිරීම සදහා යුද්ධ හමුදා භට පිරිස් යොදවන ලෙසට ජනාධිපතිවරයා විසින් යුද හමුදාපතිවරයා වෙත උපදෙස් දී ඇත.
විශේෂයෙන් අයහපත් කාලගුණ තත්ත්වයෙන් දැඩි බලපෑමකට ලක්ව ඇති දිවයිනේ මධ්‍යම ප්‍රදේශයේ මහනුවර, නුවරඑළිය හා බදුල්ල යන දිස්ත්‍රික්කයන් හී පවතින අධික ජල ගැලීම් හා නාය යෑම් හේතුවෙන් මර්ග අවහිර වී ඇති බැවින් මෙම මුදවා ගැනීම් කටයුතුවලට බාධා ඇතිව තිබෙන නමුත් එම බාධාවන් මධ්‍යයේ වුවද මුදවා ගැනීමේ කටයුතු අඛණ්ඩව සිදු කිරීමට යුද හමුදාව විසින් කටයුතු කරනු ලබයි.
යුද හමුදාවට අමතරව ශ්‍රී ලංකා නාවික හමුදාව හා ගුවන් හමුදාව ද මෙම මුදවාගැනීම් කටයුතු සඳහා සක්‍රීයව මැදිහත්ව සිටියි.

