බිඳ වැටුණු විදුලි සැපයුම 86%ක් යථා තත්ත්වයට
අයහපත් කාලගුණ තත්ත්වයත් සමග බිඳ වැටුණු විදුලි සැපයුම 86%ක් පමණ මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී නොයෙල් ප්‍රියන්ත මහතා පවසන්නේ ලක්ෂ 73කට අධික විදුලි පාරිභෝගිකයින්ගෙන් ලක්ෂ 39කට පමණ අයහපත් කාලගුණයේ බලපෑමෙන් විදුලිය විසන්ධි වී තිබු බව එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී නොයෙල් ප්‍රියන්ත මහතා පැවසීය.
විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කිරීම සදහා විදුලිබල මණ්ඩලයේ සේවකයින් ගත වූ දින කිහිපය පුරා මහත් පරිශ්‍රමයකින් කටයුතු කළ බව නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා වැඩිදුරටත් පවසයි.
ඒ අනුව කඩිනමින් විදුලි සැපයුම් පද්ධතිය සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත් කිරීමට හැකි වනු ඇති බව නොයෙල් ප්‍රියන්ත මහතා සඳහන් කළේය.
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

