සංචාරක පැමිණීම ලක්ෂ 21 ඉක්මවයි
ලොව ඉහළම සංචාරක ආකර්ෂණයක් සහිත රටක් බවට යළිත් වරක් පත්කරමින් මේ වසරේ මේ දක්වා කාලය තුළ ලක්ෂ 21කට වැඩි විදෙස් සංචාරකයන් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
ඒ අනුව නොවැම්බර් මාසයේ අවසානය වන විට විදෙස් සංචාරකයන් 2,103,593 දෙනකු මෙරටට පැමිණ තිබෙන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පෙන්වාදෙයි.
2025 වසරේ නොවැම්බර් මාසයේ මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයන් සංඛ්‍යාව 212,906ක් බව පෙන්වා දෙන ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ඒ අනුව වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත විදෙස් සංචාරකයන්ගේ සංඛ්‍යාව ගත්විට එය කැපීපෙනෙන වර්ධනයක් බව ද කියා සිටී.
නොවැම්බර් මාසයේදී ඉන්දියාවෙන් සංචාරකයන් 51,391ක් පැමිණ තිබේ. රුසියාවෙන් 24,953ක් ද එක්සත් රාජධානියෙන් 14,518ක් පැමිණ තිබෙන අතර ඊට අමතරව ජර්මනියෙන් 9,384 දෙනකු පැමිණ තිබේ.
ඒ අනුව වසරේ මේ දක්වා ඉන්දියාවෙන් 474,796ක්, එක්සත් රාජධානියෙන් 191,742ක්, රුසියාවෙන් 158,593ක්, ජර්මනියෙන් 131,259ක් සහ චීනයෙන් 121,671ක් ලෙසින් වැඩි වශයෙන් සංචාරකයන් මෙරටට පැමිණ ඇත.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

