Latestදේශීය

ස්විට්සර්ලන්තයෙන් ලැබුණු ආපදා ආධාර

ස්විට්සර්ලන්තයේ සිට ආපදා ආධාර තොගයක් රැගත් ගුවන් යානයක් කටුනායකට ඊයේ (6) පැමිණ ඇත.

මෙම ගුවන් යානය තුළ ජල පිරිසිදුකරණයන් සහ ඒවායේ ක්‍රියාකාරිත්වය සඳහා අවශ්‍ය තවත් උපකරණ රාශියක් අඩංගු ඇසුරුම් 17 තිබූ බව පැවසේ.

මෙම ආධාර තොගය මෙරටට පැමිණ ඇත්තේ ස්විට්සර්ලන්තයේ සුරීච් නුවර සිටයි.

මෙම ආධාර භාරගැනීමේ අවස්ථාවට ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත නියෝජ්‍ය තානාපති ඔලීවියර් ප්‍රාස් ( Olivier Praz ) , ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි බව වැඩිදුරටත් වාර්තා වේ.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *