Latestවිදේශීය

දරුණු සුළි කුණාටුවෙන් 1600ක් ජීවිතක්ෂයට

දකුණු සහ අග්නිදිග ආසියාව හරහා හමාගිය දරුණු සුළි කුණාටු හමුවේ 1,600 දෙනෙකු පමණ මේ වනවිට ජීවිතක්‍ෂයට පත්ව ඇතැයි එක්සත් ජාතීන්ගේ නවතම වාර්තාවක් පෙන්වා දෙයි.

එහි දැක්වෙන්නේ, තවත් ලක්‍ෂ සංඛ්‍යාත පිරිසක් අවතැන්ව සිටින බවයි.

දේශගුණික විපර්යාස හේතුවෙන් හටගන්නා සුළි කුණාටු මෙන්ම මෝසම් වර්ෂාව හේතුවෙන් දකුණු සහ අග්නිදිග ආසියාව වසර ගණනාවකට පසු මේ වනවිට දරුණු බලපෑමකට ලක්ව ඇතැයි එක්සත් ජාතීන්ගේ නවතම වාර්තාව පෙන්වා දී ඇත.

එමගින් මිලියන ගණනක පිරිසක් ජීවිත අවදානමට ලක්ව ඇති බව ද එහි සඳහන්. ශ්‍රී ලංකාව, ඉන්දුනීසියාව, තායිලන්තය, මැලේසියාව සහ වියට්නාමය යන රටවල ව්‍යසනකාරී ගංවතුර තත්වයක් මෙන්ම නාය යෑම් සිදුවෙමින් පවතින බවද එම වාර්තාවේ දැක්වේ.

ධාරානිපාත වර්ෂාව අඛණ්ඩව පැවතීම නිසා, වත්මන් ආපදා තත්වය තවදුරටත් උග්‍ර වීමේ ඉහළ අවදානමක් මතුව තිබෙනවා. එම නිසා දකුණු සහ අග්නිදිග ආසියානු කලාපය පුරා එක්සත් ජාතීන්ගේ නියෝජිත කණ්ඩායම් ආහාර, ජලය, සනීපාරක්‍ෂක ද්‍රව්‍ය සහ වෛද්‍ය සැපයුම් ඇතුළු සෞඛ්‍ය සේවාවන් ලබාදෙමින් සිටි.

එම කලාපයන්හි රටවල රජයන් විසින් මෙහෙයවනු ලබන හදිසි මෙහෙයුම්
සඳහා නිරන්තර සහයෝගය ලබාදෙමින් සිටින බව, එක්සත් ජාතීන්ගේ මාධ්‍ය ප්‍රකාශක ස්ටෙෆාන් ඩුජරික් සඳහන් කරයි.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *