Latestදේශීය

ආධාර ඇත්තටම ජනතාවට ලැබෙනවාද කියන එක ගැටලුවක් – සජිත් ප්‍රේමදාස

දෙනවා කියන ආධාර සැබෑ ලෙසම ජන­තා­වට ලැබෙ­න­වාද කියා ගැට­ලු­වක් පව­තින බව විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා පව­සයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා මේ බව කියා සිටියේ යටි­ය­න්තොට, කර­ව­නැල්ල ප්‍රදේ­ශයේ අව­තැන් ජන­තාව සම්බ­න්ධ­යෙන් සොයා බැලී­මට පෙරේදා (06) ගිය අව­ස්ථා­වේදී ය.

එහි දී ඒ මහතා මෙසේද කීවේය.

ජන­තා­වට ලබා දිය යුතු සහන සහ ආධාර මේ අව­ස්ථාවේ උප­රිම දිය යුතුයි. නි‍ෙවස සාදා ගන්න, දූ දරු­වන් රැක බලා ගන්න, ආදා­යම් උත්පා­ද­නය සහ ජීව­නෝ­පාය සඳහා සෘජු­වම ආධාර දිය යුතුයි. ගෙවල් පිරි­සුදු කර­ගන්න ආධාර දෙනවා කිව්වත් තව­මත් ඒවා ලැබිලා නැහැ. එවැනි තත්ත්ව­යක් උඩ නිය­මිත පරිදි ආධාර ලැබිය යුතු අයට එම ආධාර නොලැ­බෙන තත්ත්ව­යක් ඇති නිසා රජය මේ ගැන අව­ධා­නය යොමු කළ යුතුයි. ආධාර දෙනවා කියා ප්‍රචා­රය දෙනවා සේම එම ආධාර ජන­තා­වට ලැබිය යුතුයි.

රටේ බර­ප­තළ කාල­ගුණ තත්ත්ව­යක් නිර්මා­ණය වෙනවා කියන එක 11 වැනි දා සිට ප්‍රකාශ කර තිබෙ­නවා. එහි පරි­මා­ණය එනම් අව­පා­ත­යක්, අඩු පීඩ­න­කාරී තත්ත්ව­යක් හා සුළි කුණා­ටු­වක් ඇති වන බවට කාල­ගුණ විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුව දැනුම් දෙන විට ආපදා කළ­ම­නා­ක­ර­ණය ආරම්භ කළ යුතුයි. ජන­තාව මත එල්ල වන පීඩ­නය අවම කර ජීවිත බේරා ගන්න හැකි­යා­වක් ජන­තා­වගේ ආර­ක්ෂාව තහ­වුරු කරන්න හැකි­යාව තිබුණා. ආප­දා­වක් එන බව දැනන් සිටි­යත් ආපදා කළ­ම­නා­ක­රණ යන්ත්‍ර­ණය සක්‍රීය නොවූ බවත් විපක්ෂ නාය­ක­ව­රයා පැවැ­සීය.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *