Latestදේශීය

මර්වින් සිල්වාගේ නඩුව ජනවාරි 19 කැදවයි

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාට එරෙහිව අල්ලස් කොමිසම ගොනුකර තිබෙන නඩුව වැඩිදුර සාක්ෂි විභාගය සඳහා ජනවාරි මස 19 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (12) නියම කළේය.

සිය නිත්‍යානුකූල ආදායම ඉක්මවා රුපියල් මිලියන 150කට ආසන්න වත්කම් හා දේපොළ අයථා ලෙස අත්පත් කර ගත්තේ යැයි චෝදනා මත මෙම නඩුව ගොනුකර තිබේ.

අදාළ නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී විත්තිකාර මර්වින් සිල්වා වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයාට අද දින නඩු විභාගයට පෙනී සිටීමට අපහසු බව දුන් අතර, එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා වැඩිදුර සාක්ෂි විභාගය ජනවාරි මස 19 වනදා දක්වා කල් තැබීය.

එදින සාක්ෂිකරුවන් දෙදෙනෙකුට අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙසත් විනිසුරුවරයා නියෝග කළේය.

2010 වසරේ සිට 2012 වසර දක්වා කාලසීමාව තුළ සිය නීත්‍යානුකූල ආදායම ඉක්මවා රුපියල් මිලියන 150කට අධික වත්කම් සහ දේපොළ අයථා ලෙස අත්පත් කර ගැනීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදු කර ඇතැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනුකර තිබේ.

@අරුණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *