Latestවිදේශීය

තුර්කි හමුදාව 100ක් අත්අඩංගුවට ගනී

නත්තල් සහ අලුත් අවුරුදු උත්සව සඳහා ප්‍රහාර සැලසුම් කළ ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයේ සාමාජිකයන් බවට සැක කෙරෙන 100කට අධික පිරිසක් තුර්කි බළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඉස්තාන්බුල් පුරා සිදුකළ දැවැන්ත වැටලීම් වලින් පසු ගිනි අවි, පතුරම් සහ “සංවිධාන ලේඛන” අත්අඩංගුවට ගත් බව එරට බළධාරින් පැවසු බව වාර්තා වේ.

ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයේ ආධාරකරුවන් මෙම සතියේ තුර්කිය පුරා, විශේෂයෙන් මුස්ලිම් නොවන අයට එරෙහිව ප්‍රහාර සැලසුම් කරමින් සිටි බව එරට නිලධාරීන් පැවසු බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

පොලිසිය සැකකරුවන් 115 දෙනෙකු අත්අඩංගුවට ගත් නමුත් තවත් 22 දෙනෙකු සොයා මෙහෙයුම් තවදුරටත් සිදු කරන බව ද විදෙස් මාධ්‍ය පවසයි.

@අරුණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *