Latestදේශීය

සැඟවී තිබූ සුවිශේෂි ජයග්‍රහණයක් මෙන්න

මේ වසරේ ආර්ථික ක්ෂේත්‍රයේ ලබා ඇති සුවිශේෂී ජයගහණයක් පිළිබදව ලංකා ටෘෘත් වෙබ් අඩවිය වාර්තා කරයි. එම වාර්තාව පහතින්,

ගෙවී යන 2025 වසර තුළ දී අයවැය හිඟය පියවීම සඳහා විදේශ ණය නොගෙන ශුද්ධ ආපසු ගෙවීමක් පමණක් වාර්තා කර තිබේ.

අයවැය, ආර්ථික සහ මූල්‍ය තත්වය පිළිබඳ වාර්තාව මගින් ඒ පිළිබඳ දැක්වෙන දත්ත ඉදිරිපත් කර ඇත. පසුගිය 2024 වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා අයවැය හිඟය පියවීම සඳහා ශුද්ධ විදේශ ණය රුපියල් මිලියන 168,551ක් ලබා ගෙන තිබිණි.

එහෙත් මෙම වසර වෙනුවෙන් විදේශ ණය ලබා ගැනීම වෙනුවට රුපියල් මිලියන 51,849ක් ශුද්ධ ගෙවීම පමණක් සිදු කර තිබේ. ඊට සමගාමීව අදාළ කාල පරිච්ඡේදය තුළ දේශීය වශයෙන් ද 2024 දී රුපියල් මිලියන 742,414ක් වූ ණය ලබා ගෙන තිබූ අතර, මෙම වසරේ දී එම අගය රුපියල් මිලියන 462,882ක් දක්වා විශාල වශයෙන් අඩු කර ගැනීමට ද හැකි වී තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *