ගුරු සංවර්ධන නිළධාරීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිනවා – සජිත් ප්‍රේමදාස
ගුරු සංවර්ධන නිලධාරීන්ගේ ගැටලුව අලුත් මාතෘකාවක් නොවන බවත්, ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් විපක්ෂය පෙනී සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ඒ මහතා මේ බව පැවසුවේ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට උපවාසයක නිරතව සිටින ගුරු සංවර්ධන නිලධාරීන් හමුවීමට ගිය අවස්ථාවේදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.
“මේ ගැටලුව ආංශික අධීක්ෂණ කාරක සභාවට පවා ගෙනගිය බරපතළ ගැටලුවක්. මේ උපාධිධාරි සංවර්ධන නිලධාරීන් වසර ගණනාවක් ගුරු සේවයේ හිටියා. කොරෝනා සමයේ මොවුන් ගුරු හිඟය මඟහරවා ගන්න කටයුතු කළා. එදා 22,000ක් සිටියත් අද එය 16,000කට අඩුවී තිබෙනවා. මොවුන්ට මාරාන්තික උපවාස තියන්න අවශ්‍ය නෑ. මොවුන්ට රැකියා දෙන්න හැකියාව පවතිනවා. මොවුන් අතර නියෝජ්‍ය විදුහල්පතිවරුන් පවා සිටින නිසා මොවුන් බඳවා ගත හැකියි.
මේ ගුරු සංවර්ධන නිලධාරීන් රට වෙනුවෙන්, නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් දැවැන්ත කැපකිරීමක් සිදු කර තිබෙනවා. එනිසා මොවුන් රවටන්නේ නැතිව දැන්වත් පොරොන්දු වූ ආකාරයට රැකියා දෙන්න. සමගි ජන බලවේගය බලයට පැමිණියොත් මේ ගැටලුව කඩිනමින් විසඳනවා. රජයේ වගකීම වන්නේ පොරොන්දු ක්‍රියාත්මක කිරීමයි. බලයට පැමිණි පසු පොරොන්දු කඩ කිරීම අනුමත කළ නොහැකියි. එම නිසා මේ ගැටලුව කඩිනමින් විසඳන්න කියලා අපි රජයෙන් ඉල්ලා සිටිනවා. එහෙම නොවුණොත් අපි මොවුන් සමඟ එක්ව සටන් කරනවා.”
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

