ජගත් මනුවර්ණ, රතිදු සේනාරත්නට වරෙන්තු
ඉකුත් 2022 වසරේ ජූලි මස 25 වැනිදා අරගලකරුවන්ට පහරදුන් සිද්ධියේ හිටපු ඇමැති සනත් නිශාන්ත ඇතුළු සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන අවස්ථාවේ ඇප නොදෙන ලෙස ඉල්ලමින් කොටුව අධිකරණය ඉදිරිපිට උද්ඝෝෂණයක් සිදු කළ බව කියන සිද්ධියට අදාළ නඩුව කැඳවන අවස්ථාවේදී විවෘත අධිකරණයේ පෙනී නොසිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ, රතිදු සේනාරත්න හෙවත් රැට්ටා යන අය කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා ඊයේ (2) වරෙන්තු නිකුත් කළේය.
කොම්පඤ්ඤවීදිය පොලීසිය විසින් ගොනු කර තිබූ නඩුවක් කැඳවූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදු කළ අතර, ඇප මත මුදා හැර ඇති සැකකරුවන්ගේ නම් කතා කරන අවස්ථාවේ මන්ත්‍රීවරයා ඇතුළු දෙදෙනා අධිකරණයේ පෙනී නොසිටි හෙයින් වරෙන්තුවක් නිකුත් කළ මහේස්ත්‍රාත්වරයා ඇපකරුවන්ට නොතීසි නිකුත් කළේය. එසේම පෙර නඩු දිනයේ නඩු විභාගයට නොපැමිණි තැන්නේ ඥානානන්ද හිමියන් අමතර රුපියල් ලක්ෂයක ඇපයක් මත මුදා හරින ලෙසටද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත මුදා හැර ඇති රංගනවේදිනී දමිතා අබේරත්න, ලංකා ගුරු සංගමයේ සභාපති ජෝසප් ස්ටාලින්, ධම්මික මුණසිංහ, තැම්පිටියේ සුගතානන්ද හිමි, සත්‍යවේල් පියතුමා ඇතුළු හත් දෙනෙකු නඩුව කැඳවූ අවස්ථාවේදී විවෘත අධිකරණයේ පෙනී සිටියහ. සැකකරුවන් වෙනුවෙන් නීතිඥ තිළිණ වීරසිංහ මහතා අධිකරණයට කරුණු වාර්තා කළේය
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

