කියන වෙලාවට ඇවිත කටඋත්තර දී නඩු කටයුතු වලට සහය දක්වන්න – නලින්ද ජයතිස්ස
නඩු කටයුතුවල සිදුවන ප්‍රමාදයන් වැළැකිවීමට ක්‍රමවේදයන් රැසක් ගෙන ඇති බවත් විමර්ශන නිලධාරීන් රැසක් මේ වනවිට පත්කර ඇති අතර විමර්ශන කටයුතු කඩිනමින් සිදු කෙරෙන බවත් අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක , සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (03) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමිනි.
විමර්ශන නිලධාරීන් යුහුසුළුව සිය කාර්යය ඉටු කළද විමර්ශනයට භාජනය වී ඇති පුද්ගලයන් කටඋත්තර ලබා දිමට නියමිත කාලසීමාවේදී අදාළ ආයතන වෙත නොපැමිණීමද මෙලෙස නඩු කටයුතු ප්‍රමාදයන්ට හේතුවක් බව, ඒ සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
තවද විමර්ශන කටයුතු සඳහා අවශ්‍ය සමහර තොරතුරු සොයා ගැනීමේදී රාජ්‍ය තාන්ත්‍රික සහය ලබා ගැනීමට සිදු වන බව පෙන්වා දෙන අමාත්‍යවරයා විමර්ශන කටයුතු අවසන් වී නඩු පැවරීමේදී නීතිපති දෙපාර්තමේන්තුව කඩිනමින් සිය කාර්යයන් ඉටු කරනු ඇති බවට විශ්වාස කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.ඒ සඳහා රජය උපරිම සහයා ලබා දෙන බවද හෙතෙම කියා සිටී.
අධිකරණවල මේ වන විට නඩු විශාල සංඛ්‍යවක් එකතු වී ඇති බවත් අධිකරණය ස්වාධීනව පවත්වා ගනිමින් සහ ජනතාවගේ විශ්වාසය ආරක්ෂා කර ගනිමින් නඩු කටයුතු වේගවත් කිරීම සඳහා විශේෂ මහාධිකරණ කිහිපයක් ක්‍රියාත්මක කරමින් පවතින බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.ඒ සඳහා අවශ්‍ය ගොඩනැගිලි මෙන්ම අවශ්‍ය පහසුකම් රජය ලබා දී ඇති බවත් මහාධිකරණ විනිසුරුවන් පත් කිරීම සිදු කළ යුතු අතර දින යොදා ගෙන නඩු කටෙුතු ඉත්මනින් අවසන් කිරීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
නඩු කටයුතුවලින් නිදහස් වීමට , විමර්ශන කටයුතු මගහැරීමට මෙන්ම තවත් කල් ලබා ගැනීමට විවිධ දේවල් චෝදනා ලබා ඇති පිරිස් සිදු කරන බව අවධාරණය කළ අමාත්‍යවරයා ඔවුන් නියමයින් හෝ අනියමින් නීතිය ක්‍රියාත්මක කිරීම වැළෑක්වීමට විවිධ දේවල් සිදු කරන බවද පැවසීය.
රටේ ඕනෑම පුද්ගලයකු නීතිය ඉදිරියේ සමාන බව පැවසූ අමාත්‍යවරයා දේශපාලන සංදර්ශන සිදු නොකර අධිකරණය කෙරෙහි විශ්වාසය තබා සිය කටඋත්තරය ලබා දී පැමිණිය හැකි බවද අවධාරණය කළේය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

