Latestදේශීය

චම්පිකගේ නඩුවේ සාක්ෂි අරඹයි

රාජගිරිය රිය අනතුර සම්බන්ධයෙන් චම්පික ඇතුළු තිදෙනෙකුට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය ඇරඹෙයි

2016 වසරේ අපරීක්ෂාකාරී ලෙස රිය පදවා ඇති වූ රිය අනතුරකට අදාළ සාක්ෂි වසන් කිරීම ඇතුළු චෝදනා එල්ල වී සිටින හිටපු ඇමති පාඨලී චම්පික රණවක ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව නීතිපති විසින් ගොනු කර ඇති නඩුවේ සාක්ෂි විභාගය මහාධිකරණය හමුවේ ඊයේ (12) යළි ආරම්භ කර තිබේ.

එම නඩුව අද මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් යොහාන් අබේවික්‍රමගේ මෙහෙයවීම යටතේ පැමිණිල්ලේ සාක්ෂිකරුවකු වශයෙන් නම් කර සිටින මනුල් නිම්සුක අබේසුන්දරගේ සාක්ෂි සටහන් කර ගැනීම සිදු වී ඇත.

ඉන් අනතුරුව වැඩිදුර සාක්ෂි විභාගය මැයි 05 වැනිදා දක්වා කල් තැබීමට අධිකරණය නියෝග කර තිබේ.

2016 වසරේ පෙබරවාරි මස 28 වැනිදා රාජගිරිය ප්‍රදේශයේදී අපරීක්ෂාකාරී ලෙස රිය පදවා ඇති වූ රිය අනතුරක් වසන් කිරීම, සාක්ෂි වසන් කිරීම ඇතුළු චෝදනා යටතේ හිටපු ඇමති පාඨලී චම්පික රණවක, ඔහුගේ රියදුරු වන දිනුම් තුසිත කුමාර සහ වැලිකඩ පොලිසියේ හිටපු ස්ථානාධිපති සුදත් අස්මඩල යන අයට එරෙහිව නීතිපති විසින් මෙම නඩුව ගොනු කර තිබිණි.

@Lanks Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *