Latestදේශීය

මෝටර් රථයකින් පැමිණි තුවක්කුකරුවෝ බත්තරමුල්ලේදී යුවළක් ඝාතනය කරති

ඝාතනයට ලක්ව ඇත්තේ කරන්දෙණිය සුද්දාගේ නඩුවලට පෙනී සිටි නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳයි

බත්තරමුල්ල, අකුරේගොඩ ප්‍රදේශයේ සුපිරි වෙළෙඳ සංකීර්ණයක් අසලදී ඊයේ (13 වැනිදා) සවස 5.00ට පමණ සිදුවූ වෙඩි තැබීමකින් මෝටර් රථයක් තුළ සිටි යුවළක් මරුමුවට පත්ව ඇතැයි තලංගම පොලිසිය පවසයි.

මෝටර් රථයකින් පැමිණි සන්නද්ධ පිරිසක් විසින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් තිබේ. පාතාල ගැටුමක් ද පෞද්ගලික ආරවුලක් ද යන්න සම්බන්ධයෙන් පොලිසිය පැති කීපයක් ඔස්සේ විමර්ශන සිදුකරති.

දෙනෝදාහක් දෙනා බලා සිටියදී මෙම වෙඩි තැබීම සිදුකර සැකකරුවන් පැමිණි මෝටර් රථයෙන් පලාගොස් ඇතැයි ද පොලිසිය පවසයි. මියගිය අයගේ හිසට වෙඩි තබා තිබූ බවද පොලිසිය කියයි. ඝාතනය සම්බන්ධයෙන් කිසිවකුත් ඊයේ රාත්‍රි වනතුරුත් අත්අඩංගුවට ගෙන නොතිබිණි. තලංගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරති.

@දිවයින


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *