IMF කළමනාකාර අධ්යක්ෂ මහ බැංකු අධිපති හමුවෙයි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය සහ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අතර හමුවක් සිදුව තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකු පැවසුවේ මෙම හමුවේදී, වත්මන් විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ ලබා දුන් ස්ථිර සහයෝගය සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සම්පූර්ණ කිරීමට ක්‍රියාකාරීව පහසුකම් සැලසීම සම්බන්ධයෙන් ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සිය කෘතඥතාව පලකළ බවය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන යටතේ වත්මන් ශ්‍රී ලංකාවේ කාර්ය සාධනය සාර්ථක බව ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය එහිදී පවසා ඇත.
ආර්ථික අර්බුදයෙන් පසු සාර්ව ආර්ථික ස්ථාවරත්වය යථා තත්ත්වයට පත් කිරීම සඳහා මහ බැංකුවේ කාර්යභාරය සම්බන්ධයෙන් ද ඇය ප්‍රසාදය පලකර තිබේ.
අවශ්‍ය ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ආරම්භ කර ආර්ථිකය තිරසාරව පවත්වාගෙන යාම මඟින් රටේ ඉහළ ආර්ථික වර්ධනයක් ඇති කර ගැනීමේ හැකියාව පවතින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය වැඩිදුරටත් පවසා ඇත.
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

