චන්ද්‍රාණි බන්ඩාරට එරෙහි නඩුව මාර්තු 05 යලි කැදවන්න නියෝග
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු කාන්තා හා ළමා කටයුතු ඇමති චන්ද්‍රාණී බණ්ඩාරට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුව මාර්තු මස 05 වැනිදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (26) නියෝග කර තිබේ.
මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු රවීන්ද්‍ර ප්‍රේමරත්න ඉදිරියේ අද කැඳවනු ලැබූ අවස්ථාවේදී, විත්තිකාරියට එරෙහිව ගොනු කර තිබෙන අධි චෝදනා සංශෝධනය කිරීම සම්බන්ධයෙන් ඇය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මූලික විරෝධතා ඉදිරිපත් කර තිබේ.
කාන්තා හා ළමා කටයුතු ඇමති ලෙස චන්ද්‍රාණී බණ්ඩාර කටයුතු කළ 2019 ජනවාරි 14 සහ 2019 ජනවාරි 31 අතර කාලසීමාව තුළ නිසි ක්‍රියාපටිපාටිය අනුගමනය නොකොට එච්.එම් චන්ද්‍රවංශ නැමැත්තෙකු වියළි කලාප සංවර්ධන අමාත්‍යාංශයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ධුරයට පත් කිරීම සහ සිය හිතවතුන් පිරිසක් නීත්‍යානුකූල නොවන ආකාරයට විවිධ තනතුරුවලට පත් කිරීම සඳහා එම අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු නිලධාරීන්ට බලපෑම් කිරීම තුළින් “දූෂණය” නැමැති වරද සිදු කළේ යැයි චෝදනා කරමින් ඇයට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් මෙම අධි චෝදනා ගොනු කර තිබේ.
@Lanks Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

