Latestවිදේශීය

මාස 6ක් ගහන්න පුලුවන් ඩ්‍රෝන සහ මිසයිල ඉරානය සතුයි

ඉරානය පවසන්නේ තවත් මාස 6 ක කාලයක් මැදපෙරදිග රටවලට ප්‍රහාර එල්ල කිරීමට තරම් මිසයිල සහ ඩ්‍රෝන තමා සතුව පවතින බවයි. ඉරාන විප්ලවවාදී හමුදාවේ මාධ්‍ය ප්‍රකාශකයා කියා සිටියේ,

ඉරානය මේ වනතෙක් භාවිත කර ඇත්තේ පළමුවැනි සහ දෙවැනි පරම්පරාවේ මිසයිල පමණක් බවයි. නවීන සහ අඩුවෙන් භාවිතා කළ දිගු දුර මිසයිල ඉදිරි දිනවලදී භාවිත කරන බවත් ඔහු සඳහන් කරනවා.

ඉරාන භූමියට අමෙරිකානු හමුදාව නොයවා සිටීමේ යෝජනාවට ට්‍රම්ප් නැවත වරක් සිය විරෝධය පළ කර තිබෙනවා. ඉරාන ප්‍රහාරවලින් මේ වනවිට අමෙරිකානු සොල්දාදුවන් 8 දෙනෙකු ජීවිතක්‍ෂයට පත් වී තිබෙනවා. ඔහු පවසන්නේ ඉරාන යුද්ධය ජයග්‍රහණය තෙක් පවත්වාගෙන යන බවයි.

ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් ආරග්චි කියාසිටින්නේ ඉරානය කිසිදු ලෙසකින් යටත් නොවන බවයි. මෙම යුද්ධය අවසන් වීමේ කිසිදු ලකුණක් මේ වන තෙක් පෙනෙන්නට නොමැති බව යුද වි‍ශ්ලේෂකයන් පවසනවා.

ඇතැම් විශ්ලේෂකයින් කියා සිටින්නේ මෙම යුද්ධය තවත් මසක හෝ ඊට වැඩි කාලයක් පවතිනු ඇති බවයි. අමෙරිකාව සහ ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින්, ඉරානයේ 1,300 කට වැඩි පිරිසක් ජීවිතක්‍ෂයට පත් වී ඇති අතර ඉරානය එල්ල කළ ප්‍රහාරවලින්, ඊශ්‍රායලයේ 11 දෙනෙකුද සහ අනෙකුත් ගල්ෆ් රටවල පුද්ගලයින් 11 දෙනෙකුද ජීවිතක්‍ෂයට පත් වී තිබෙනවා.

පසුගිය 28 වැනිදා සිට මේ දක්වා අමෙරිකාව ඉරානයේ ඉලක්ක දෙදහසකට වැඩි ප්‍රමාණයකට ප්‍රහාර එල්ල කර තිබෙනවා.

ඊට ප්‍රතිචාර වශයෙන් ඉරානය පළමු දින හතර තුළ පමණක් මැදපෙරදිග ගල්ෆ් කලාපයේ රටවල් 12 ක පිහිටි අමෙරිකානු හමුදා ඉලක්ක 27 ක් වෙත සහ ඊශ්‍රායල ඉලක්ක වෙත මිසයිල ප්‍රහාර 500 ක් සහ ඩ්‍රෝන ප්‍රහාර 2000 කට වැඩි ප්‍රමාණයක් එල්ල කර තිබෙනවා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *