යුද්ධය වහාම අවසන් කරන්න – පාප් වහන්සේ
ඉරානයේ පවතින යුද්ධය වහාම අවසන් කරන ලෙස 14 වන ලියෝ පාප් වහන්සේ ඉල්ලා සිටියි. අනතුරු ඇඟවීමක් කරමින් උන්වහන්සේ පවසා ඇත්තේ මෙම ගැටුම හේතුවෙන් ලෙබනනය ඇතුළු සමස්ත මැදපෙරදිග කලාපයම අස්ථාවර විය හැකි බවයි.
උන්වහන්සේ ප්‍රකාශ කර ඇත්තේ ඉරානයෙන් සහ මැදපෙරදිග කලාපයෙන් ලැබෙන පුවත් තමන් තුළ දැඩි කම්පනයක් ඇති කර ඇති බවයි.
“වෛරය සහ බිය රජයන මෙවන් වටපිටාවක, මෙම ගැටුම තවදුරටත් ව්‍යාප්ත වී ලෙබනනය වැනි රටවල් යළිත් අස්ථාවරත්වයට පත්වනු ඇතැයි යන බියක් පවතිනවා. ප්‍රචණ්ඩත්වය තවදුරටත් වර්ධනය වීමට පෙර එය නතර කිරීමේ සදාචාරාත්මක වගකීම සියලු පාර්ශවයන් සතුයි.
බෝම්බවල බයංකාර හඬ නතර වේවා, අවි ආයුධ නිහඬ වේවා, ජනතාවගේ හඬට සවන් දිය හැකි සාකච්ඡාමය වාතාවරණයක් උදා වේවා කියා මම යාඥා කරනවා. සාමය උදා කළ හැක්කේ අන්‍යෝන්‍ය තර්ජන මගින් නොව අවංක සහ වගකිවයුතු සාකච්ඡා මාර්ගයෙන් පමණයි.
ආදරණීය ලෙබනනය ඇතුළු කලාපයේ අනෙකුත් රටවල් නැවත වරක් අස්ථාවරත්වයට ඇද වැටිය හැකි බවට කනස්සල්ල වැඩිවෙමින් පවතී.
බෝම්බවල ඝෝෂාව නතර වන ලෙසත්, අවි නිහඬ වන ලෙසත්, ජනතාවගේ හඬ ඇසෙන පරිදි සංවාදයට අවකාශය විවෘත වන ලෙසත් අපි ස්වාමින් වහන්සේට අපගේ නිහතමානී යාච්ඤාව ඉදිරිපත් කරමු”යි උන්වහන්සේ සඳහන් කළේය.
ඉරානයෙන් සහ මැදපෙරදිගින් ගැඹුරින් මෙන්ම පීඩාව දනවන පුවත් අඛණ්ඩව ලැබෙමින් පවතින බවත්, ප්‍රචණ්ඩත්වය අවසන් කරන ලෙසත්, සංවාදය සඳහා අවකාශය විවෘත කිරීමට දරන උත්සාහයන් අලුත් කරන ලෙසත් ඉල්ලා සිටින බව පාප් වහන්සේ ඊයේ (08) ඉරිදා පැවසීය.
වතිකානුවේ අපෝස්තලික මාලිගාවේ කවුළුවෙන් 14 වන ලියෝ පාප් වහන්සේ ඇන්ජලස් යාච්ඤාව මෙහෙයවමින් මෙම ප්‍රකාශ නිකුත් කළේය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

