යෝෂිතට තවත් නඩුවක්
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දෙවන පුත් යෝෂිත රාජපක්ෂට එරෙහි නඩුවක අධිචෝදනා අද (10) හෝමාගම මහාධිකරණයේදී බාර දී තිබේ.
ඒ, යෝෂිත රාජපක්ෂට අයත් පෞද්ගලික බැංකුවක ගිණුමකට රුපියල් මිලියන 17ක මුදලක් බැර වීම සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය යටතේ පවරා තිබූ නඩුවකට අදාළවය.
එහිදී චූදිත යෝෂිත රාජපක්ෂ රුපියල් ලක්ෂ 02 බැගින් වූ මුදල් ඇප දෙකක් සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීරය ඇප දෙකක් මත මුදා හරින ලෙස හෝමාගම මහාධිකරණ විනිසුරු ක්රීෂාන්ති අමරතුංග නියෝග කර ඇත.
තවද මාර්තු මස 19 දින සිට විදෙස් ගමන් තහනමක් පැනවීමටද සෑම මසකම පළමු ඉරිදා සහ තුන්වන ඉරිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙසද නියෝග කර තිබේ.
@Lanks Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

