Latestදේශීය

තවත් ඉන්ධන නැව් 4ක් ගෑස් නැව් 6ක් මේ මාසයේ පැමිණෙනවා

ඇණ­වුම් කළ ඉන්ධන රැගත් නැව් 04ක් සහ ලිට්‍රෝ ගෑස් නැව් 6ක් සැල­සුම් කළ පරිදි මේ මාසය තුළ මෙර­ටට පැමි­ණී­මට නිය­මි­තය. දැනට පව­තින තත්ත්වය අනුව ඉන්ධන ගබඩා කිරීමේ පහ­සු­කම් සීමිත වුවද, මාර්තු මාසය තුළ පැමි­ණී­මට නිය­මිත නෞකා සැප­යුම තහ­වුරු කර ඇතැයි ඛනිජ තෙල් නීති­ගත සංස්ථාවේ සභා­පති ඩී.ජේ. රාජ­ක­රුණා මහතා පව­සයි.

ලබන මාසය අව­සා­නය වන තෙක් ප්‍රමා­ණ­වත් ඉන්ධන තොග පව­තින බැවින් ජන­තාව කල­බල විය යුතු නැති බව ද සභා­ප­ති­ව­රයා අව­ධා­ර­ණය කරයි. මෙර­ටට තෙල් අප­න­ය­නය කරන රට­වල් යුද කලා­ප­යෙන් පිටත පිහිටා තිබීම සැප­යුම අඛ­ණ්ඩව පවත්වා ගැනී­මට රුකු­ලක් වී ති‍බෙන බවද සභා­ප­ති­ව­රයා කියයි.

මෙර­ටට ඇණ­වුම් කරන ලද ගෑස් මෙට්‍රික් ටොන් 38,000ක් රැගත් නෞකා­ව­ක්‍ ­අ­ම‍ෙ­රි­කාවේ සිට මාලේ දක්වා මේ වන විටත් පැමිණ ඇති බව ලිට්‍රෝ සමා­ගම පව­සයි. එහි සභා­පති චන්න ගුණ­ව­ර්ධන පැව­සුවේ, එම තොගය ඉදිරි දින කිහි­පය තුළ මෙර­ටට ළඟා වන බවයි. ශ්‍රී ලංකාව ඇණ­වුම් කළ තවත් ගෑස් මෙට්‍රික් ටොන් 33,000ක් රැගත් නෞකා­වක් මාර්තු 17 වැනිදා මාලේ වෙත ළඟා වීමට නිය­මි­තය. අප්‍රේල් මාස­යේදී තවත් ගෑස් නෞකා­වක් මෙම­ර­ටට ළඟා වන බවත් සභා­ප­ති­ව­රයා පැව­සු­වේය.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *