දික්ඕවිට වරායට ගෙනා බහුදින ධීවර යාත්‍රාවේ රුපියල් බිලියන 3ක හෙරොයින්
දික්ඕවිට වරායට රැගෙන ආ ධීවර යත්‍රාවේ හෙරොයින් කිලෝග්‍රෑම් 123 ක් තිබූ බව අනාවරණය වී ඇතැයි ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පවසයි.
අද (16) උදෑසන දික්ඔවිට වරායට රැගෙන ආ විෂ මත්දුව්‍ය තොගය නිරීක්ෂණයට එක්වෙමින් හෙතෙම මේ බව පැවසීය.
එම මත් මත්ද්‍රව්‍ය තොගයේ දළ වටිනාකම රුපියල් කෝටි 300කට ආසන්න බව ඔහු පැවසුවේය.
මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට සැකපිට නාවික හමුදා දිගුදුර නාවික බලඇණිය විසින් සිය භාරයට ගත් අදාළ ධීවර යාත්‍රාව සැකකරුවන් පස් දෙනා ද සමඟ අද උදෑසන දික්ඕවිට වරාය වෙත රැගෙන ආවේය.
අප රජයේ ප්‍රතිපත්තියක් ලෙස මෙම මත්දුව්‍ය ජාවාරමේ නියැලි සිටින අයවලුන් නීතියේ රැහැනට අල්ලා ගැනිම ඉතාම විධිමත් ලෙස සිදුවන බවද ඔහු අවධාරණය කළේය.
මෙම ජාවාරම්කරුවන් නීතියේ රැහැනට අල්ලා ගැනිමට අවශ්‍ය පනත් සංශෝධන කරමින් නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට ලබා දෙන බවද හෙතෙම සඳහන් කළේය.
මහජනතාවට 1818 සහ 1997 ක්ණික දුරකතන අංක අමතා විෂ මත් ද්‍රව්‍ය පිළිබඳව තොරතුරු අදාළ ආයතන වෙත ලබා දිය හැකි බවත් මෙම තොරතුරු ලබා දිමෙන් මහජනතාව විශේෂ දායකත්වයක් රජයට ලබා දෙන බවත් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසුවේය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

