Latestවිදේශීය

නේටෝ  සංවිධානය “ඉතා නරක අනාගතයකට” මුහුණ දීමට සිදුවේවි – ඩොනල්ඩ් ට්‍රම්ප්

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ, මැදපෙරදිග ගැටුම හේතුවෙන් ඉරානය විසින් වසා දමා ඇති තීරණාත්මක තෙල් ප්‍රවාහන මාර්ගයක් වන හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට අමෙරිකානු මිත්‍ර රටවල් සහාය නොදක්වන්නේ නම් නේටෝ  සංවිධානය “ඉතා නරක අනාගතයකට” මුහුණ දීමට සිදුවිය හැකි බවයි.

ට්‍රම්ප් වැඩිදුරටත් සඳහන් කළේ, අමෙරිකාව දිගු කාලයක් තිස්සේ තම යුරෝපීය සහ අනෙකුත් මිත්‍ර රටවල් සමඟ “ඉතා සුහදශීලීව” කටයුතු කර ඇති බවයි.

මෙම අදහස් පළ කර ඇත්තේ, හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම සඳහා සමූහ ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස චීනය ,ප්‍රංශය ,ජපානය ,දකුණු කොරියාව ,එක්සත් රාජධානිය වැනි ඉල්ලීමක් කිරීමෙන් දිනකට පසුවය.

ලෝකයේ වැදගත්ම තෙල් ප්‍රවාහන මාර්ගයක් ලෙස සැලකෙන හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගෝලීය තෙල් සැපයුමෙන් දළ වශයෙන් සියයට 20ක් පමණ ප්‍රවාහනය සිදු වන බව වාර්තා වේ.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *