ඇමරිකාවට සහ ඊශ්‍රායලයට ඉරානය විසින් පහරදුන් වීඩියෝ හුවමාරු කළ පුද්ගලයින්ට බහරේනයෙන් නඩු
අමෙරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් එල්ල වන ගුවන් ප්‍රහාර වීඩියෝගත කිරිමේ සහ හුවමාරු කරගැනීමේ චෝදනාවට පාකිස්තාන ජාතිකයන් පස්දෙනකු බහරේන් රාජ්‍යයේදී අත්අඩංගුවට පත්වී ඇතැයි පාකිස්තානයේ ඩෝන් පුවත් සේවය වාර්තා කළේය. ඉරාන ප්‍රහාරවලින් බහරේනයට සිදුවු බලපෑම් වීඩියෝගත කිරිම, සමාජ මාධ්‍ය ජාලයට මුදා හැරීම සහ නැවත නැවතත් පළ කිරිම ඇතුළු චෝදනා එල්ල වී ඇති පාකිස්තාන ජාතිකයන්ට නීතිමය සහාය ලබාදීමට හෝ යුද අර්බුදයක් අතරතුර විදේශ රටක සිටින සිය පුරවැසියන් යළි ගෙන්වා ගැනීමට පාකිස්තාන රජයට ඇති හැකියාව සම්බන්ධව ගැටලු මතු වී ඇතැයි ද ඩෝන් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය.
පාකිස්තාන ජාතිකයන් පස්දෙනකු ඇතුළුව ආසියාතිකයන් 6 දෙනකු අත්අඩංගුවට ගත් බව බහරේන් රජය නිවේදනය කර ඇති අතර, එරට පොලිස් මාධ්‍ය මධ්‍යස්ථානය සඳහන් කර ඇත්තේ සැකකරුවන් ජාතික ආරක්ෂාවට සහ මහජන සාමයට හානිවන ආකාරයෙන් සහ මහජනතාව අතර භීතිය පැතිරවීමටත් දායක වී ඇති බවය. ඔවුන්ට එරෙහිව මේ වන විට නඩු පවරා ඇතැයි ද වාර්තා වේ.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

