Latestවිදේශීය

ඉරානයේ ආර­ක්ෂක ප්‍රධා­නියා සහ පැරා­මි­ලි­ටරි නාය­කයා මියයයි

ඉරා­නයේ ආර­ක්ෂක ප්‍රධානී අලි ලරි­ජානි අමෙ­රි­කානු- ඊශ්‍රා­යල ඒකා­බද්ධ ගුවන් ප්‍රහා­ර­ය­කින් ජීවි­ත­ක්ෂ­යට පත් වූ බව ඉරා­නය නිල වශ­යෙන් නිවේ­ද­නය කළ තිබේ. ආර­ක්ෂක ප්‍රධා­නියා සමඟ ඔහුගේ පුත්‍රයා වන මොර්ටසා සහ තවත් ආර­ක්ෂක නිල­ධා­රීන් කිහි­ප­දෙ­නකු ද ප්‍රහා­ර­යෙන් මිය­ගිය බව ඉරාන ජාතික ආර­ක්ෂක කවු­න්සි­ලය තහ­වුරු කළ බව එරට මෙහ්ර් පුවත් ඒජ­න්සිය ද සඳ­හන් කර ඇතැයි අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේය.

ඉරා­නයේ හිටපු උත්ත­රී­තර නායක අලි කමේ­නිගේ ප්‍රධා­න­තම උප­දේ­ශ­ක­ව­රයා ලෙස ද කට­යුතු කළ 67 හැවි­රිදි ලරි­ජානි අමෙ­රි­කානු සහ ඊශ්‍රා­යල ප්‍රහා­රයේ ආර­ම්භයේ සිටම ඉරාන හමුදා සඳහා උප­දෙස් ලබා දුන් ප්‍රධා­න­තම පුද්ග­ලයා වන අතර, ටෙහෙ­රාන් අග­නු­වර නිවාස සංකී­ර්ණ­ය­කට එල්ල කළ ප්‍රහා­ර­ය­කින් ඔහු ජීවි­ත­ක්ෂ­යට පත්වූ බව පසු­ගි­යදා ඊශ්‍රා­යල ආර­ක්ෂක ඇමැති ඉස්රා­යිල් කැට්ස් පළ­මු­ව­රට ප්‍රකාශ කර තිබිණි.

ටෙහෙ­රාන් නුවර පදිංචි ඉරාන ජාති­ක­ය­න්ගෙන් ඊශ්‍රා­යල බුද්ධි සේවා­වට ලැබුණු විශ්වා­ස­නීය තොර­තුරු මත එම ප්‍රහා­රය එල්ල කළ බව ඊශ්‍රා­ය­ලය ප්‍රකාශ කර ඇති අතර, තවත් ප්‍රහා­ර­ය­කින් ඉරාන ඉස්ලා­මීය විප්ල­ව­වාදී ආර­ක්ෂක හමු­දාවේ බාසිජ් පැරා­මි­ලි­ටරි ඒක­කයේ ප්‍රධානී ගෝලම් රීසා සොලේ­මානි ද ජීවි­ත­ක්ෂ­යට පත්වූ බව තහ­වුරු වී තිබේ.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *