Latestදේශීය

අල්ලස් කොමිසම දුමින්ද සිල්වාගෙන් ප්‍රශ්ණ කරයි

මේ වනවිට සිරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාගෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අද (23) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වෙත කැඳවා තිබිණි.

ඒ අනුව ඔහුගෙන් පැය 4ක පමණ කාලයක් ප්‍රකාශ ලබාගෙන ඇත.

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු ලෙස හැඳින්වෙන දෙමටගොඩ රුවන් නැමැත්තාට එරෙහිව පැවති නඩුවකින් ඔහුට ඇප ලබාගැනීම සඳහා ආධාර අනුබල ලබාදුන් බවටයි දුමින්ද සිල්වාට චෝදනා එල්ලවී තිබෙන්නේ. එලෙස ආධාර අනුබල ලබා දීම සඳහා රුපියල් ලක්ෂ 50ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන්ද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විමර්ශන ආරම්භ කර තිබේ.

අද (23) උදෑසන 10.00ට පමණ මෙම සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා දුමින්ද සිල්වා, බන්ධනාගාර නිලධාරීන් විසින් අල්ලස් කොමිසම වෙත රැගෙනවිත් ඇති අතර ප්‍රකාශ ලබාදීමෙන් අනතුරුව පස්වරු 2.30ට පමණ ඔහු අල්ලස් කොමිසමෙන් රැගෙන ගොස් තිබිණි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මේ වනවිටත්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයට වරද කරු වීම හේතුවෙන් ජීවිතාන්තය දක්වා සිරගතව සිටින්නේය.

@Lanks Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *