Latestදේශීය

කුමාර ජයකොඩිට අධිචෝදනා

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා කොළඹ මහාධිකරණය වෙත පැමිණ තිබේ.

නඩු කටයුත්තක් වෙනුවෙන් ඒ මහතා අද (27) උදෑසන අධිකරණය වෙත මෙලෙස පැමිණ ඇත.

2016 වසරේ ලංකා පොහොර සමාගමේ සේවය කරමින් සිටියදී, පෞද්ගලික සමාගමක් වෙත නීතිවිරෝධී ලෙස ලාභයක් හෝ වාසියක් සිදුකිරීමෙන් අල්ලස් පනතේ දූෂණය නැමැති වරද සිදු කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වත්මන් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබුණි. 

එවක ලංකා පොහොර සමාගමේ ප්‍රසම්පාදන සහ ආනයන අංශයේ කළමනාකරු ලෙස ඔහු සේවය කර ඇති අතර එහිදී ලංකා පොහොර සමාගමේ හුණුපිටිය ගබඩා සංකීර්ණයේ භූමිය මත කාපට් ඇතිරීම සඳහා සිදුකළ ප්‍රසම්පාදන ක්‍රියාවලියක පැවති දෝෂ සහගත තත්ත්වයක් මෙම චෝදනාවට හේතුවී තිබේ. 

ඒ සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ලද පැමිණිල්ලකට අනුව එම කොමිෂන් සභාව සිදුකළ මූලික විමර්ශනයක් අවසානයේ සැකකරුට එරෙහිව අධිචෝදනා ගොනුකිරීමට තීරණය කර තිබුණි.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *