Latestදේශීය

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් නැවතත් බන්ධනාගාරයට

අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුව විසින් අත්අඩංගුවට ගත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ ලබන 10 වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන්නැයි පිලැස්ස මහේස්ත්‍රාත් අධිකණය ඊයේ (30) නියෝග කර තිබේ.

ඒ ඔහු අද පිලැස්ස මහේස්ත්‍රාත් අධිකණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුවය.

වාහනයක චැසි අංක සංශෝධනය කර කැබ් රථයක් ව්‍යාජ ලෙස ලියාපදිංචි කිරීමට අනුබල දීම, වාහනයක දත්ත ව්‍යාජ ලෙස සකස් කිරීම සහ අදාල ලිපිගොනු සැඟවීම ඇතුළු චෝදනා ඔහුට මේ වනවිට එල්ල වී තිබේ.

ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පසුගිය 27 වැනිදා අත්අඩංගුවට ගෙන 28 වැනදා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඊයේ දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි. ඉන් පසු ඔහු ලබන 10 වනදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

පසුගිය 28 වනදාත්, ඊයේ දිනයේත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන අවස්ථාවේ ඔහුගේ සාහයට රාජ්‍ය නිලධාරීන් රැසක් අධිකරණයට එක්වි සිටියහ. ඒ අතර කුරුණෑගල දිස්ත්‍රික් ලේකම්, අතිරේක දිස්ත්‍රික් ලේකම්, ප්‍රාදේශීය ලේකම්වරු කිහිපදෙනෙකු, කුරුණෑගල දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස්, වයඹ පළාත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්” වයඹ පළාත් ප්‍රධාන අමාත්‍යාංශය ලේකම් සහ පළාත් අමාත්‍යාංශ ලේකම්වරුද සිටියහ.

@Lanks Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *