Latestදේශීයවිදේශීය

මුදාගත් ඉරාන ජාතිකයින් 238දෙනා ආරක්ෂිතව ඉරානයට පිටව යයි

අමෙරිකානු ප්‍රහාරයකින් තුවාල ලබා , ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් බේරා ගෙන මෙරට තුළ රදවා සිටි ඉරාන ජාතිකයන් 238 දෙනෙකු, ඉරාන විශේෂ ගුවන් යානයකින් පසුගිය දා (14) රාත්‍රී ආපසු රැගෙන යාමට පියවර ගෙන තිබේ.

ඉරානයට අයත් මෙරාජ් ගුවන් සේවයේ ( Meraj Air Line ) IRAN – 09 දරන මෙම විශේෂ ගුවන් යානය 14 දින පස්වරු 04.00 ට පමණ කටුනායක ගුවන් තොටුපොළ අසළ පිහිටි ශ්‍රී ලංකා ගුවන් හමුදා කදවුර වෙත පැමිණ තිබුණි .

පසුව මෙම ගුවන් යානය වෙත වැළිසර රැදවුම් මධ්‍යස්ථානයේ රදවා තබා සිටි ඉරාන ජාතිකයන් 206 දෙනෙකු සහ කොග්ගල රැදවුම් මධ්‍යස්ථානයේ රදවා තබා සිටි ඉරාන ජාතිකයන් 38 දෙනෙකු , යොමු කර තිබේ.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *