Latestදේශීය

හදිසි අනතුරු වලින් අහිමි වූ වටිනා ජීවිත

අලුත් අවුරුදු උත්සව සමයේ අප්‍රේල් 10 වෙනි දින සිට 18 වෙනි දින දක්වා හදිසි අනතුරුවලින් පුද්ගලයින් 80 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බවත්, මෙම ඛේදවාචක පිළිබඳව සමාජයක් ලෙස දැඩි අවධානයක් යොමු කළ යුතු බවත් පොලිසිය පෙන්වා දී තිබේ.

එම කාලය තුළ රිය අනතුරුවලින් පුද්ගලයින් 53 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති අතර, දියේ ගිලීම්වලින් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇත. පෙර වසරවලට සාපේක්ෂව මෙම වසරේ හදිසි අනතුරු ඉහළ ගොස් ඇති බව පොලිසිය පෙන්වා දී ඇත.

එමෙන් ම, වැඩිම රිය අනතුරු සංඛ්‍යාවක් සහ ජීවිතක්ෂයට පත්වීම් සංඛ්‍යාවක් අප්‍රේල් 10 සහ 13 අතර දිනවල දී සිදු වී ඇති බව ද පොලිස් වාර්තාවල දැක්වේ.

@Lankatruth.com


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *