Latestක්‍රීඩාදේශීය

ජාතික ඔලිම්පික් කමිටුව තුළ මූළ්‍ය ප්‍රතිපත්තියක් ඇතිකරනවා

ජාතික ඔලි­ම්පික් කමි­ටුව තුළ විනි­වි­ද­භා­ව­යෙන් යුතු මූල්‍ය ප්‍රති­ප­ත්ති­යක් ක්‍රියා­ත්මක කොට ඔලි­ම්පික් පරි­පා­ල­නය විධි­මත් කරන බව ඉදිරි ඔලි­ම්පික් නිල­ව­ර­ණයේ සභා­පති අපේ­ක්ෂක ශිරන්ත පීරිස් මහතා පව­සයි. ජාතික ඔලි­ම්පික් කමි­ටුවේ අනු­බද්ධ ක්‍රීඩා සංග­ම්වල මත­යට ගරු කර­මින් මුදල් පාල­නය කළ යුතු බවත්, ක්‍රීඩා සංග­ම්වල ප්‍රධා­නීන්ට ප්‍රශ්න කළ හැකි ප්‍රජා­ත­න්ත්‍ර­වාදී ක්‍රම­වේ­ද­යක් සකස් කරන බවත් ඒ මහතා පැව­සීය.

ඒ මහතා මේ බව පැව­සුවේ නෙළුම් කුලුන හෝටල් පරි­ශ්‍රයේ පෙරේදා පැවති මාධ්‍ය හමු­ව­ක­දීය. නාය­ක­යකු ලෙස ක්‍රීඩා සම්මේ­ලන අතර සහ­යෝ­ගි­තාව ගොඩ­නැ­ඟීම තම මූලික අර­මුණ බව ශිරන්ත පීරිස් මහතා පැව­සීය.

ශ්‍රී ලංකාවේ ප්‍රවීණ රයි­ෆල් වෙඩි­ක්ක­රු­වකු සහ ශ්‍රී ලංකා ජාතික වෙඩි තැබීමේ ක්‍රීඩා සම්මේ­ල­නයේ හිටපු සභා­ප­ති­ව­ර­යකු වන ශිරන්ත පීරිස් මහතා ශ්‍රී ලංකා ජාතික ඔලි­ම්පික් කමි­ටුවේ උප සභා­ප­ති­ව­ර‍යකු ද වේ. දශක හත­රක වෘත්තීය පළ­පු­රු­ද්දක් සහිත ඒ මහතා රුපි­යල් බිලි­යන 6ක් ඉක්ම­වන වාර්ෂික පිරි­වැ­ටු­මක් හිමි ‘මෙගා ෆාර්මා’ සමූහ ව්‍යාපා­රයේ හිමි­කරු ද වේ.

ඔලි­ම්පික් සභා­පති නාම­යෝ­ජ­නාව භාර­දී‍මෙන් අන­තු­රුව ශිරන්ත පීරිස් මහතා ක්‍රීඩා සංගම් නියෝ­ජි­ත­යන් කැඳවා ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව ඉහළ දැමීමේ සිය දැක්ම පැහැ­දිලි කිරීම ද විශේ­ෂ­ත්ව­යකි.

“ශ්‍රී ලංකාවේ ක්‍රීඩා­ව­ලට පව­තින දක්ෂ­තා­වයේ අඩු­වක් නෑ. අපට ඇත්ත­ටම අවශ්‍ය වන්නේ සියලු දෙනා ඒක­රා­ශි­කොට විශි­ෂ්ට­ත්වය කරා යන ගම­නට අත්වැ­ලක් වෙන්නයි. සෑම ක්‍රීඩ­ක­ය­කු­ටම ඉදි­රි­යට යන්න සම අවස්ථා සැල­සී­මයි. මුළු රට­ටම විශ්වාස කළ හැකි ජාතික ඔලි­ම්පික් කමි­ටු­වක් නිර්මා­ණය කරන බව මම සහ­තික වෙනවා” පීරිස් මහතා පැව­සීය.

“මම වෙඩි තැබීමේ ක්‍රීඩා සම්මේ­ල­නය දියුණු තත්ත්ව­යට ගෙන ආවා. මිලි­යන 48ක් වැය කොට ඔලි­ම්පික් මට්ටමේ වෙඩි පිටි­යක් මා හද­මින් සිටි­නවා. ඒ හදන්නේ අනා­ගත ක්‍රීඩ­ක­යන් වෙනු­වෙන්. මට අවශ්‍ය වන්නේ වෙඩි තැබීමේ ක්‍රීඩාව දියුණු කළා වගේම සියලු ක්‍රීඩා දියුණු කර­න්නයි. ක්‍රීඩා සංගම් ඒ සඳහා මට බලය ලබා­දේවි කියා විශ්වා­ස­යක් ති‍යෙනවා” පීරිස් මහතා පැව­සීය.

“මේක මම තනි­යම යන ගම­නක් නොවෙයි. කණ්ඩා­යම ප්‍රසිද්ධ කරන්නේ නෑ. මා සමඟ මහ­ලේ­කම් තන­තු­රට රිෆ්ඩි ෆාමි මහතා තරග කර­නවා. ඔහු ඉතා දක්ෂ කෙනෙක්. ඔහු සිටිය යුතුම කෙනෙක්. ඔලි­ම්පික් කමිටු පරි­පා­ල­නය පිළි­බඳ අත්දැ­කීම් ඇති අය නිල­ත­ල­ව­ලට පත්කර ගන්නා ලෙස මා ක්‍රීඩා සමා­ජ­ව­ලින් ඉල්ලා සිටි­නවා” පීරිස් මහතා පැව­සීය.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *