Latestදේශීය

ප්‍රේම­ලාල් ජය‍සේ­කර ‘චොකා මල්ලි’ අත්අඩංගුවට

නුව­ර­එ­ළියේ හෝට­ල­ය­කදී එහි හිමි­ක­රුට ගිනි­අ­වි­යක් එල්ල­ කර තර්ජ­නය කිරී­මක් සම්බ­න්ධ­යෙන් ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණේ හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී ප්‍රේම­ලාල් ජය‍සේ­කර හෙවත් චොකා මල්ලි නුව­ර­එ­ළිය පොලී­සිය ඊයේ (21) අත්අ­ඩං­ගු­වට ගෙන ඇත.

බිරිය ඇතුළු පිරි­සක් සමඟ අවු­රුදු නිවා­ඩුව ගත කිරී­මට නුව­ර­එ­ළි­යට පැමිණ නවා­තැන් ගෙන සිටි හෝට­ලයේ හිමි­කරු සමඟ ඇති වූ යම් බහි­න්බස්වීමක් දුර­දිග ගොස් ගිනි­අ­විය එල්ල­ කර හෝටල් හිමි­යාට තර්ජ­නය කර ඇති බව පොලී­සිය සඳ­හන් කළේය.

මේ සම්බ­න්ධ­යෙන් හෝට­ල­යෙන් ලද පැමි­ණි­ල්ල­කට අදා­ළව ප්‍රේම­ලාල් ජය­සේ­කර මහතා ගිනි­අ­වි­ය ද සමඟ පොලී­සිය අත්අ­ඩං­ගු­වට ගෙන ඇත.

ගිනි­අ­වියේ බල­පත්‍ර කල් ඉකුත් වී ඇති බව මූලික විම­ර්ශ­න­ව­ලින් පෙනී ගොස් තිබේ. බල­පත්‍ර අලුත් කර ඇති බව සැක­කාර ප්‍රේම­ලාල් ජය‍සේ­කර මහතා පොලී­සි­යට පවසා ඇත. බල­ප­ත්‍රය අලුත් කර තිබේ­නම් එය ඉදි­රි­පත් කරන ලෙස එහිදී පොලී­සිය ඔහුට දැනුම් දී තිබේ.

බල­ප­ත්‍රය ඉදි­රි­පත් කළද ගිනි­අවි එල්ල­ කර මරණ තර්ජ­නය කිරීම් සම්බ­න්ධ­යෙන් ඔහුට එරෙ­හිව නීති­මය පිය­වර ගන්නා බව පොලී­සිය කියයි.

ප්‍රේම­ලාල් ජය­සේ­කර මහතා වෙඩි­තබා කළ මිනිස් ඝාත­න­යක් සම්බ­න්ධ­යෙන් රත්න­පුර මහා­ධි­ක­ර­ණ­යෙන් වර­ද­කරු වී මර­ණීය දණ්ඩ­න­යද නියම වූවෙක් බව පොලී­සිය පව­සයි. අන­තු­රුව ඔහු එම තීන්දු­වට එරෙ­හිව අභි­යා­ච­නා­ධි­ක­ර­ණ­යට පෙත්ස­මක් ඉදි­රි­පත් කළ බවත් එහි දී ඔහු ඇතුළු ති‍දෙනෙක් නිද­හස ලැබූ බවත් උසස් පොලිස් නිල­ධා­රි­යෙක් කීය.

මෛත්‍රී­පාල සිරි­සේන මහතා ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට තරග කළ 2015 වසරේ පැවති මැති­ව­ර­ණ­යේදී මෛත්‍රී­පාල සිරි­සේන මහතා වෙනු­වෙන් කහ­වත්තේ සැර­සිලි කර­මින් සිටි ශාන්ත දොඩං­ගොඩ නමැති අයෙක් වෙඩි ප්‍රහා­ර­යට ලක්ව මිය ගියේය. ඒ 2015 වසරේ ජන­වාරි 05 වැනිදා අලු­යම් කාල­යේ­දීය.

මෙම ඝාත­නය සම්බ­න්ධ­යෙන් චෝදනා ලැබූ ප්‍රේම­ලාල් ජය­සේ­කර මහතා ඇතුළු තිදෙ­න­කුට රත්න­පුර මහා­ධි­ක­ර­ණය විසින් 2020 වසරේ ජූලි 31දා මර­ණීය දණ්ඩ­නය නියම කරන ලදි. මේ සම්බ­න්ධ­යෙන් ඔහු ඇතුළු පිරිස අභි­යා­ච­නා­ධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කළ පෙත්ස­මක් විභාග කර ඔවුන්ව නිද­හස් කිරී­මට නියෝග කරනු ලබනු‍යේ 2022 වසරේ මාර්තු 31 දාය. ඒ ගිනි­අ­වි­යක් තිබුණු බවට හෝ වෙඩි තැබූ බවට සාක්ෂි නොමැති බව සඳ­හන් කර­මිනි.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *