නාමල්ට එරෙහි ක්‍රිෂ් නඩුව මැයි 29 යලි කැඳවයි
ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව ගොනු කර ඇති නඩුව මැයි මස 29වැනිදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබේ.
මෙම නඩුව අද (23) කොළඹ මහාධිකරණ විනිසුරු නදී අපරණා සුවඳුරුගොඩ ඉදිරියේ කැඳවනු ලැබීය.
නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකාර නාමල් රාජපක්ෂ අධිකරණය හමුවේ පෙනී සිටියේය.
ඒ අනුව මෙම නඩුව මැයි මස 29 වැනිදා යළි කැඳවන ලෙස විනිසුරුවරිය නියම කළාය.
මෙරට රග්බි ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමට බව සඳහන් කරමින් ඉන්දියානු ක්‍රිෂ් සමාගමෙන් රුපියල් මිලියන 70ක් මුදලක් ලබාගෙන සාපරාධි විශ්වාසය කඩ කළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබේ.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

