Latestදේශීයනවතම ලිපිමතවාදවිශේෂාංග

ටෙනිසන් පෙරේරා නික්ම ගොස් ඇත

(චන්දන සිරිමල්වත්ත)

ආදරණීය ලේඛකයෙක්, නිහතමානි කලාකරුවකු වූ ටෙනිසන් පෙරේරා ජ්‍යෝෂ්ඨ සහෘදයා සමුගෙන!

1968 ඔහුගේ පළමු සාහිත්‍යමය ව්‍යායාමය, ‘දැති රෝදෙන් උපන් බුදුන්’ සාම්ප්‍රදායික සමාජ ඇගයුම් පද්ධතියට පිටස්තරව නිර්මාණකරණයේ යෙදන්නට ගත් උත්සාහයම ඔහුට සමාජ අපවාදයෙන්, වාරණයෙන් පීඩා ගෙන එන තරමට අභියෝගකාරී වුණා.

නමුත් ඔහු ආරම්භ කළ සාහිත්‍ය කලා මාවත ඔස්සේ නව ආරක සාහිතය සම්ප්‍රදානයක් ඉතිරි කර තබා ඔහු නික්ම ගොස් තිබෙන්නේද අපේ සමාජය තුළ සාහිතය කලාව සම්බන්ධ වාරණයේ සෙවණැලි එබිකම් කරන පසුබිමක. එදා ඔහු ඒ අභියෝගය හමුවේ ලබා දුන් ආදර්ශය, සිය ව්‍යායාමයෙන් ගොඩ නැඟූ අභිමානය හෙටත් මේ සමාජයේ නිර්මාණාත්මක ලේඛකයන්ට මග පෙන්වනු ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *