අපනයන ක්ෂේත්රයේ 1.59% ක වර්ධනයක් -මංගල විජේසිංහ
මෙම වසරේ ජනවාරි සිට මාර්තු දක්වා මාස තුන තුළ ශ්‍රි ලංකාවේ අපනයන අදායම ඇ.ඩො.මිලියන 4,308.11 ක් බවත් එය පසුගිය වසරට සාපෙක්ෂව 1.59 ක වර්ධනක් බවත් ශ්‍රී ලංකා අපනයන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී, මංගල විජේසිංහ මහතා පවසයි.
2026 වර්ෂයේ පළමු කාර්තුව සහ මාර්තු මාසයේ ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්රයේ කාර්ය සාධන සම්බන්ධයෙන් අද (23) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
මෙම කාර්තුවේ වෙළෙද භාණ්ඩ අපනයන ආදායම ලෙස ඇ.ඩො.මිලියන 3387 ක් සහ සේවා අංශයේ අපනයන ආදායම ඇ.ඩො.මිලියන 921 ප්‍රමාණයක් වාර්තා වන බවද ඔහු සඳහන් කළේය.
මැද පෙරදිග කලාපයේ පවතින යුද තත්වය හේතුවෙන් මාර්තු මාසයේ අපනයන ආදායම ලංකාවේ වැඩි වශයෙන් කතාබහට ලක්වෙන බවද සභාපතිවරය පැවසීය.
ඒ අනුව , මෙම වසරේ මාර්තු මාසයේ අපනයන ආදායම ශ්‍රී ලංකා රේගුවේ අපනයන දත්තවලට අනුව ඇ.ඩො මිලියන 1467 ක් බව ඔහු පැවසුවේය.
මාර්තු මාසයේ වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම ඇ.ඩො.මිලියන 1180 ක් වන බවත් සේවා අංශයේ අපනයන ආදායම ඇ.ඩො මිලියන 286 ක් වන බවත් ඔහු පැවසීය.
ශ්‍රි ලංකාවේ අපනයන ආදායම , මෙම වසරේ පෙබරවාරි මාසයට සාපේක්ෂව මාර්තු මාසයේ 9% වර්ධනයක් පෙන්නුම් කරන බවද සභාපතිවරයා පැවසුවේය.
2025 වසරේ මාර්තු මාසයට සාපෙක්ෂව 2026 වර්ෂයේ මාර්තු මාසයේ අපනයන අදායම 5.2% අඩු වීමක් ලෙස දක්නට ලැබෙන බවද පෙන්වා දුන්නේය.
විශේෂයෙන්ම මාර්තු මාසයේ අපනයන ආදායමේ කැපී පෙනෙන අංශ ලෙස පොල් ආශ්රිත අපනයන අංශය , ඉලෙක්ට්‍රොනික් අංශය , අහාර අංශය, මැණික් සහ ස්වර්ණාභරණ ක්ෂේත්‍රෙය , තොරතුරු තාක්ෂණ අංශය පෙනවා දිය හැකි බවද හෙතෙම සඳහන් කළේය.
මාර්තු මාසයේ අපනයන ආදායමේ කැපී පෙනෙන වර්ධනයක් ඉන්දියාව , ප්‍රංශය,බෙල්ජියම ,ජපානය,වීනය වැනි රටවල් අත් කරගෙන ඇතැයි ද ඔහු සඳහන් කළේය.
මෙම වසරේ මාර්තු මාසයේ මැද පෙරදිග කලාපයේ රටවල්වලින් ඇ.ඩො මිලියන 45 ක ආදායමක් වාර්තා වන බවද පැවසුවේය.
මැද පෙරදිග පවතින යුද තත්ත්වය හමුවේ මාර්තු මාසයේ අපනයනය කිරිමේදි මෙරට අපනයනකරුවන් ගැටලුවලට මුහුණ දී ඇති බවත් එයට ප්‍රධාන වශයෙන් නැව් ගාස්තු ඉහළ යාම,රක්ෂණ ගාස්තු වැඩි වීම අපනයන භාණ්ඩ සඳහා පිරිවැය ප්‍රමාණය ඉහළ යාමට බලපැ බවද පැවසුවේය.
මෙම වසරේ අපනයන සංවර්ධන මණ්ඩලයේ ඉලක්කය වන්නේ 10% අපනයන වර්ධනයක් ලබා ගැනීම බව සභාපතිවරයා පෙන්වා දුන්නේය.
ජාතික සංවර්ධන සැළැස්ම මැයි මාසයේ එළිදැක්වීමට නියමිත බවත් එහි ඉලක්කය වන්නේ ලංකාවේ සාම්ප්‍රධායිකත්වයෙන් ඔබ්බට ගොස් නව අපනයන ක්ෂේත්‍ර හඳුනා ගැනීම බවද සඳහන් කළේය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

