Latestදේශීය

චමල්ගේ පුතා අත්අඩංගුවට ගන්න නියෝග

දූෂිත එයාර්බස් ගනුදෙනුව හරහා ඩොලර් මිලියන දෙකක අල්ලසක් ලබා ගැනීමේ සිදුවීමට අදාලව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිළධාරී කපිල චන්ද්‍රසේනගේ බිරිද, ප්‍රියන්කා නයෝමාලී විජේරත්න සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වන හිටපු කථානායක චමල් රාජපක්ෂගේ පුත් ශමීන්ද්‍ර රාජපක්ෂ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පසුගිය දා (22) නියෝග කර තිබේ.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ බිරිඳ මෙම දූෂිත එයාර්බසු ගණුදෙනුවේ දෙවන සැකකාරිය වන අතර හිටපු කතානායක චමල් රාජපක්ෂගේ පුත් ශමින්ද්‍ර පුන්සිරි රාජපක්ෂ මෙහි තුන්වන සැකකරුවාය.

කපිල චන්ද්‍රසේනගේ බිරිඳ වන ප්‍රියන්කා නයෝමාලී විජේරත්නට ජීවිත තර්ජන ඇති බවට ඉදිරිපත් වන කරුණු පිළිගත නොහැකි බව කී මහේස්ත්‍රාත් වරෙන්තු අනුව අත්අඩංගුවට ගත් පසු ඒ සම්බන්ධයෙන් සුදුසු නියෝග නිකුත් කරන බව දැනුම් දී ඇත.

එමෙන්ම සැකකාරියට ඕස්ට්‍රේලියාවේ රැඳී සිටිය නොහැකි බව දැනුම්දුන් මහේස්ත්‍රාත් ශ්‍රී ලංකා රජය විසින් අවශ්‍ය පියවර ගනිමින් ඕස්ට්‍රේලියාවට මේ පිළිබඳ දැනුම්දිය යුතු බවටද නියෝග කර තිබේ.

එමෙන්ම මෙම නඩුවේ තුන්වන සැකකරුවන හිටපු කතානායක චමල් රාජපක්ෂගේ පුත් ශමින්ද්‍ර පුන්සරි රාජපක්ෂ වෙනුවෙන් නිකුත් කර ඇති රතු වරෙන්තු ප්‍රමාදය සම්බන්ධයෙන් විමසමින් මහේස්ත්‍රාත් අදාළ ප්‍රමාදයන් වළක්වා ගත යුතු බවත් වහාම සැකකරු අත්අඩංගුවට ගන්නා ලෙසත් නියෝග කර ඇත.

@Lankatruth.com


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *