ජොන්ස්ටන්ට ඇප
රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇප මත මුදා හැරීමට වත්තල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
අදාළ නඩුව ඊයේ (24) වත්තල මහේස්ත්‍රාත් කාංචනා එන්. සිල්වා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී, රුපියල් 25,000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප 04ක් මත ඔහු මුදා හැරීමට නියෝග කර ඇත.
ලංකා සතොස ආයතනයේ ලොරි රථයක් අවභාවිත කිරීමින් තම අවස්ථා තුනකදී එතනෝල් ලීටර 40,000ක් වෙනත් ස්ථානයකට ප්‍රවාහනය කිරීම සඳහා යොදාගැනීම, කූඨ ලේකන සකස් කිරීම ඇතුළු සිද්ධි කිහිපයක් සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සිදු කරන විමර්ශනයකට අදාළව මෙම නඩුව පවරා තිබිණි.
ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඔහුගේ වැඩිමහල් පුත් ජොහාන් ප්‍රනාන්දු, බාල පුත් ජෙරම් ප්‍රනාන්දු සහ සතොස ආයතනයේ හිටපු ප්‍රවාහන කළමනාකරුවෙකු ඇතුළු සැකකරුවන් පස්දෙනෙකුට එරෙහිව මෙම නඩු ගොනු කර තිබේ.
@Lankatruth.com
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

