අපි සිල් ගන්නවා – මහින්ද රාජපක්ෂ
බලය ලබාගැනීම සඳහා නව වසරේ දී ශ්රී ලංකා පොදුජන පෙරමුණ සතුව නව සැලසුමක් පවතින බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ නායක සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්රකාශ කළේය.
සිංහල, දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් ශ්රී ලංකා පොදුජන පෙරමුණ සංවිධානය කළ වැඩසටහනකට පසුගිය දා (20) එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේය.
එහිදී වැඩිදුරටත් අදහස් පළකළ මහින්ද රාජපක්ෂ මහතා,
අවුරුද්ද සම්බන්ධයෙන් ජනතාවට හැඟීමක් තිබුණේ නැහැ. ජනතාව අවුරුද්ද සැමරුවේ නැහැ. ජීවන වියදම් ඉහළයි. ප්රශ්න රැසක් මැද්දේ ජනතාව ජීවත් වන්නේ.
නව වසරේ දේශපාල වශයෙන් අපිට ලොකු සැලසුමක් තිබෙනවා බලය ලබාගැනීම සඳහා. පොහොය දිනය හේතුවෙන් අපි මැයි දින සැමරුමක් පවත්වන්නේ නැහැ. ඒ නිසා මෙවර මැයි දිනයක් පැවැත්වෙන්නේ නැහැ. පෝයට අපි සිල් ගන්නවා. එදිනට පින්කම් මාලාවක් සංවිධානය කර තිබෙනවා. නව වසරේ දේශපාලන වශයෙන් අනිවාර්යයෙන් වෙනසක් සිදුවෙනවා. ඒ වෙනසට අපි සූදානම්
යැයි ප්රකාශ කළේය.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

