Latestදේශීයමතවාදසංස්කෘතික

මේ අපූර්වත්වය විඳ ගන්න BB කියවන්නම වෙනවා

(අශෝක හදගම)

සමන් වික්‍රමරච්චිගේ BB නවකතාව එක හුස්මට කියවලා ඉවර කළා. ඒක කෙටි නවකතාවක්. Novella එකක්.

සුනන්ද බොරලැස්ස එහි එක චරිතයක්. ඔහුගේ බිරිඳ ජසින්තා තව එකක්. මේ දෙදෙනාගේ දරුවා BB. ඔහු පිරිමි දරුවෙක්. ඒ උනාට ජසින්තා බලාපොරොත්තු වූයේ ගැහැණු ළමයෙක්. ඒ හින්දා ජසින්තා එයාට නමක් හිතාගෙන හිටියා. ඒ මාලනී. මාලිනි කියල පිරිමි දරුවෙකුට නමක් දාන්න බැරි හින්දා සුනන්ද උප්පැන්න සහතිකයට දීපු, වාසගමට අමතර නම තමයි බොරලැස්ස. ඒ හින්දා බොරලැස්ස බොරලැස්ස, BB උනා. මීට අමතරව, ලතා (චාරුලතා), විනිෆ්රීඩා, සිරිමාන්න වගේ චරිත හමුවෙනවා. පණ තියෙන චරිත විතරක් නෙවෙයි. පරිගණක, යතුරු ලියන (ලියවන පට්ටල්), සෝපාන, චාරු ලේඛන (Art of Calligraphy) වගේ ඒවත් වෙලාවකට චරිත ද කියලා හිතෙනවා.

මේ සේරම එකතු වුණාට පස්සේ කතාවක් හැදෙනවා. පොඩි කතාවක් නෙවෙයි. සිය වසක තරම් ඈතට දිවෙන යළි වර්තමානය හා ගැටෙන කතාවක්. නවකතාවක්. සමන් ( කතුවරයා ) ඒ කතාව අපිට කියනවා. නැත්නම් කියන්න හදනවා. අපූර්වත්වය තියෙන්නේ කතාවෙ නෙවෙයි. කතාව කියන ආකාරයේ යි.

මේ අපූර්වත්වය විඳ ගන්න පොත කියවන්නම වෙනවා.

BB – සරසවි පොතක්


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *