Latestවිදේශීය

සාමය වෙනුවෙන් ඉරානයට ඕනෑම සහයක් ලබාදෙනවා – පුටින් කියයි

ඉරා­නය ඇතුළු මැද­පෙ­ර­දිග කලා­පයේ සාමය සහ­තික කිරි­මට අවශ්‍ය සියලු සහය ලබා­දෙන බව රුසි­යානු ජනා­ධි­පති ව්ලැදි­මිර් පුටින් ප්‍රකාශ කර තිබේ. රුසි­යාවේ සංචා­ර­ය­කට එක්වී සිටින ඉරාන විදේශ ඇමැති අබ්බාස් අරග්චි සාන්ත පීට­ර්ස්බර්ග් නුව­රදී මුණ ගැසුණු රුසි­යානු ජනා­ධි­ප­ති­ව­රයා මේ ප්‍රකා­ශය සිදු කළ බව එරට ටාස් පුවත් සේවය වාර්තා කළේය. සිය නිජ­බිමේ ස්වෛරී­භා­වය වෙනු­වෙන් ඉරාන ජන­තාව ධෛර්ය­මත්ව සහ නිර්භී­තව සටන් කරන බවත්, මේ දුෂ්කර කාල­ප­රි­ච්ඡේ­ද­යෙන් පසු ජන­තා­වට සාමය උදා­වනු ඇතැයි විශ්වාස කරන බවත් ව්ලැදි­මිර් පුටින් ඉරාන විදේශ ඇමැ­ති­ව­ර­යාට ප්‍රකාශ කර තිබේ.

පසු­ගිය සති­යේදී ඉරාන උත්ත­රී­තර නායක මොජ්ටබා කමේ­නි­ගෙන් පණි­වු­ඩ­යක් ලැබුණු බව සඳ­හන් කර ඇති රුසි­යානු ජනා­ධි­ප­ති­ව­රයා, ඔහුට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කළ බව දැනුම් දෙන ලෙසත් විදේශ ඇමැ­ති­ව­ර­යා­ගෙන් ඉල්ලා සිටි බව ටාස් පුවත් සේවය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය. ඉරා­නය සමඟ උපා­ය­මා­ර්ගික සබ­ඳතා අඛ­ණ්ඩව පව­ත්වා­ගෙන යෑම රුසි­යාවේ බලා­පො­රො­ත්තුව බව ද පුටින් ප්‍රකාශ කර තිබේ.

දෙරට අතර උපා­ය­මා­ර්ගික සබ­ඳ­තාව තව­දු­ර­ටත් ශක්ති­මත් කර­ගැ­නීම ඉරා­නයේ අපේ­ක්ෂාව බව මෙහිදී අබ්බාස් අරග්චි ප්‍රකාශ කර ඇති අතර, අමෙ­රි­කාවේ ඉල්ලීම මත නැවත සාකච්ඡා පැවැ­ත්වීම සම්බ­න්ධව ඉරා­නයේ අව­ධා­නය යොමුවී ඇතැයි රුසි­යානු ජනා­ධි­ප­ති­ව­ර­යාට ප්‍රකාශ කර තිබේ. වත්මන් යුද තත්ත්වය පිළි­බඳ රුසි­යාවේ අද­හස් විම­සීම අර­මුණු කර­මින් ඉරාන විදේශ ඇමැ­ති­ව­රයා ඇතුළු පිරිස එම සංචා­ර­යට එක්වූ අතර, එහිදී ඉරාන නියෝජ්‍ය ආර­ක්ෂක ඇමැති බ්‍රිගේ­ඩි­යර් ජෙන­රාල් රීසා තලේයි සහ රුසි­යානු ආර­ක්ෂක ඇමැති ඇන්ඩ්‍රි බෙලො­සොව් අතර ද සාක­ච්ඡා­වක් පැවති බව වාර්තා වේ.

@දිනමිණ 


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *