වත්කම් බැරකම් දෙන්න මහින්ද තවත් කල් ඉල්ලයි – කොමිසම බැහැ කියයි
වත්කම් හා බැරකම් ප්රකාශය දීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දිවුරුම් පෙස්සමක් මඟින් දීර්ඝ කාලයක් ඉල්ලා සිටියත් එවැනි කාලයක් ලබාදිය නොහැකි බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හිටපු ජනාධිපතිවරයාට දැනුම් දීමක් සිදු කර ඇතැයි එම කොමිසමේ ප්රකාශකයෙක් පැවසීය.
ඒ අනුව සති දෙකක කාලයක් ඇතුළත වත්කම් බැරකම් ප්රකාශය ලබාදිය යුතු බව සඳහන් කරමින් පසුගිය අඟහරුවාදා දින හිටපු ජනාධිපතිවරයාට ලිපියකින් අල්ලස් කොමිසම දැනුම් දීමක් කර ඇත.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ වත්කම් හා බැරකම් ප්රකාශයක් දිවුරුම් පෙත්සමක් මාර්ගයෙන් ඉකුත් දහවැනිදාට පෙර ලබා දෙන මෙන් කොමිෂන් සභාවෙන් ඔහුට දැනුම් දීමක් කර තිබුණද ඔහු ලබා දී තිබුණේ ලේඛන කොටසක් පමණි.
හිටපු ජනාධිපති බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ නමින් ඇති දේපළක් සම්බන්ධයෙන් ප්රශ්නගත තත්ත්වයක් ඇති වී ඇති අතර දැනට එම දේපළ විකිණීම, පැවරීම තහනම් කරමින් කොමිසම තහනම් නියෝග නිකුත් කර ඇති අතර ඊට අදාළ තොරතුරු ලබා නොදුන්නොත් දේපළ රාජසන්තක කිරීමට සිදු වනු ඇතැයි අල්ලස් කොමිසම සඳහන් කළේය.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

