ඉරාන්ට එරෙහි සජබ කැරැල්ල
ඉරාන් වික්‍රමරත්න ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තනීය කමිටුවේ සභාපති ධුරයට පත් කිරීමත් සමඟ සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ නිරෝෂන් පාදුක්ක ඇතුළු පිරිසක් මේ වනවිටත් ප්‍රහාරයක් දියත් කර තිබේ.
රංජිත් මද්දුමබණ්ඩාර ඉරාන් වික්‍රමරත්නට ලිඛිතව දක්වා ඇත්තේ සමගි ජන බලවේගයේ සාමාජිකත්වයෙන් ඉවත් වෙන ලෙසට ය. නිරෝෂන් පාදුක්ක ඇතුළු තවත් පිරිසක් විවිධ ප්‍රකාශ කරමින් එම පත් කිරීමට එරෙහිව විවිධ ප්‍රචාර ගෙන යමින් සිටී.
ඉරාන් වික්‍රමරන්තගේ සභාපතිත්වයෙන් යුතුව පත් කර තිබෙන්නේ අතුරු පාලක මණ්ඩලයක් නොව ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තනීය කමිටුවක් වන අතර, ක්‍රීඩාලෝලීන් සියළු දෙනාගේ ප්‍රසාදය එම කමිටුවට ඉහළින් ම ලැබී තිබේ.
එම කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස සිදත් වෙත්තමුනි, රොෂාන් මහානාම, කුමාර් සංගක්කාර, තුෂාර රදැල්ල, ප්‍රකාශ ශාෆ්ටර්, අවන්ති කොළඹගේ, දිලාල් පිලිප්, යන ප්‍රවීණයන් පත් කර සිටිති.
@Lankatruth.com
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

