අධිකරණය මගහරිමින් සිටි රවින්ද්‍රට චෝදනා ගොනුකරන්න නියෝග
(අසංක අබේරත්න)
2008දී නාවික හමුදාවේ කණ්ඩායමක් විසින් කොළඹ සහ ඒ අවට තරුණයින් ඇතුලු පුද්ගලයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදහන් කිරිමට අදාළ නඩුවේ එක් සැකකරුවෙක් වූ ලුතිනල් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටි ආරච්චිව නාවික හමුදාවේ නිල නිවාසයක තබා ආරක්ෂාව ලබා දෙමින් රටින් පිටවීම සදහා ආධාර අනුබල ලබාදුන් බවට හිටපු නාවික හමුදාපති සහ ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානි රවින්ද්‍ර විජේගුණරත්න අදාළ නඩුවේ සැකකරුවෙකු ලෙස නම්කර තිබුණා.
එහෙත් මෙම නඩුව ඔහු දිගින් දිගටම මගහරිමින් සිටි අතරේ නඩුවෙන් නිදහස් කිරීමට නීතිපතිවරයා විසින් අධිකරණයට උපදෙස් ලබාදී තිබුණා. ඒ මත හිටපු මහේස්ත්වරයා විසින් ඔහු නිදහස් කළ අතර ඊට එරෙහිව අතුරුදහන් පුද්ගලයින්ගේ දෙමාපියන් විසින් අධිකරණයට ඉල්ලීම් කළා.
ඒ පිළිබද දීර්ඝ විමසීමකින් පසුව පසුගිය දා (28) තීන්දුව ලබා දෙමින් හිටපු මහේස්ත්රාත්වරයාගේ නියෝගය දෝෂ සහගත බව නිගමනය කරමින් අදාල සැකකරු වන රවින්ද්‍ර විජේගුණරත්න මෙම නඩුවේ චුදිතයකු ලෙස ඇතුලත්කර, ඔහුට එරෙහිව චෝදනා පත්‍ර හා පැමිණිලි ගොනු කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා විසින් අපරද පරික්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග නිකුත් කළා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

