Latestදේශීය

දිට්වා ආපදාවට ලක්වූ පවුල් 11කට නව නිවාස ඉදිකිරීම ඇරඹේ

දිට්වා ආපදාවෙන් පූර්ණ හානියට පත්ව අවතැන් වූ මහියංගන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 11කට නව නිවාස ඉදිකිරීමට මුල්ගල් තැබීම පසුගියදා (30) වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

නව නිවාස ඉදිකිරීම මහියංගනය මැදයාය පොලිස් අභ්‍යාස විද්‍යාලය අසල පිහිටි රජයේ ඉඩමක සිදු කෙරේ.

මෙම  ව්‍යාපෘතිය අදියර කිහිපයක් යටතේ ක්‍රියාත්මක වන අතර එක් නිවසක් සඳහා රුපියල් ලක්ෂ 50ක මුදලක් වෙන් කර ඇත. එහි මුල් අදියර යටතේ ලක්ෂ 20ක චෙක්පත් ප්‍රතිලාභීන් 11 දෙනා වෙත එදින ප්‍රදානය කරන ලදී.

මෙම අවස්ථාවට මා සමග බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සුදත් බලගල්ල මහතා සහ මහියංගන ප්‍රාදේශීය සභාවේ සභපතිනි උපේක්ෂා මහත්මිය ඇතුලු ප්‍රාදේශිය දේශපාලන අධිකාරිද, බදුල්ල දිස්ත්‍රික් ලේකම් සුනිල් ගලගම මහතා, මහියංගන ප්‍රාදේශිය ලේකම්තුමා ඇතුලු නිලධාරීන් සහ ප්‍රතිලාභින් සහභාගී වූහ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *