Latestවිදේශීය

නොබෙල් සාම ත්‍යාගයට ට්‍රම්ප්ගේ නමත්

2026 නොබෙල් සාම ත්‍යාගය සඳහා අපේක්ෂකයන් 287 දෙනෙකු පමණ සලකා බලන බව නොබෙල් කමිටුවේ ලේකම් ක්‍රිස්ටියන් බර්ග් හාප්විකන් ඉකුත් බ්‍රහස්පතින්දා සඳහන් කළ බව රොයිටර් පුවත් සේවය වාර්තා කර ඇත.

ලේකම්වරයා එහිදී පවසා ඇත්තේ, අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද නාමයෝජනා ලැබූවන් අතරට එක්වීමට ඉඩ තිබෙන බවයි.

මෙම වසරේ නාමයෝජනා වලින් 208 ක් පුද්ගලයන් වන අතර 79ක් සංවිධාන බව පවසන් ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ, පසුගිය වසරට සාපේක්ෂව නව නාමයෝජනා රාශියක් ඇති බවයි.

@දිනමිණ 


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *