සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් තවත් තෙල් නැවක් පැහැරගනී
සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් දින 10ක් ඇතුළත දෙවැනි තෙල් නෞකාවත් පැහැරගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සෝමාලියා ගාඩියන් පුවත් සේවය සඳහන් කරන්නේ යේමනයේ මුහුදු තීරයට ඔබ්බෙන් ඒඩ්න් බොක්ක ආසන්නයේදී පැහැර ගැනීම සිදුවී ඇති බවය. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ හිමිකාරිත්වය සහිතව ටෝගෝ රාජ්‍යයේ ධජය යටතේ යාත්‍රා කර ඇති යුරේකා නමැති එම නෞකාව අවිගත් කණ්ඩායමක් විසින් පැහැරගත් බවට යේමනයේ වෙරළාරක්ෂක බළකාය තහවුරු කර ඇති අතර, නෞකාව රඳවාගෙන සිටින ස්ථානය හඳුනාගෙන ඇති බැවින් කාර්ය මණ්ඩලය සමඟ නෞකාව මුදා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව ද ප්‍රකාශ කර තිබේ.
මුහුදු කොල්ලකරුවන්ගේ තර්ජනය හේතුවෙන් ලොව වඩාත්ම කාර්යබහුල මුහුදු මාර්ගයක් වන ඒඩ්න් බොක්ක ආශ්‍රිතව යාත්‍රා කරන නෞකා අනාරක්ෂිත තත්ත්වයකට පත්වී ඇති අතර, මීට දින කිහිපයකට පෙර බොරතෙල් බැරල් 18,500ක් පැටවූ Honor 25 නමැති නෞකාව ද පැහැරගෙන ගිය බව වාර්තා වේ. නෞකාව පැහැර ගැනීමට පෙර එහි කපිතාන්වරයා බ්‍රිතාන්‍ය සමුද්‍රීය වෙළෙඳ මෙහෙයුම් මධ්‍යස්ථානයට දැනුම් දී ඇත්තේ සන්නද්ධ කණ්ඩායමක් නෞකාව වෙත ළඟා වෙමින් සිටින බවය.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

