Latestවිදේශීය

සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් තවත් තෙල් නැවක් පැහැරගනී

සෝමා­ලි­යානු මුහුදු කොල්ල­ක­රු­වන් දින 10ක් ඇතු­ළත දෙවැනි තෙල් නෞකා­වත් පැහැ­ර­ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සෝමා­ලියා ගාඩි­යන් පුවත් සේවය සඳ­හන් කරන්නේ යේම­නයේ මුහුදු තීර­යට ඔබ්බෙන් ඒඩ්න් බොක්ක ආස­න්න­යේදී පැහැර ගැනීම සිදුවී ඇති බවය. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ හිමි­කා­රිත්වය සහි­තව ටෝගෝ රාජ්‍යයේ ධජය යටතේ යාත්‍රා කර ඇති යුරේකා නමැති එම නෞකාව අවි­ගත් කණ්ඩා­ය­මක් විසින් පැහැ­ර­ගත් බවට යේම­නයේ වෙර­ළා­ර­ක්ෂක බළ­කාය තහ­වුරු කර ඇති අතර, නෞකාව රඳ­වා­ගෙන සිටින ස්ථානය හඳු­නා­ගෙන ඇති බැවින් කාර්ය මණ්ඩ­ලය සමඟ නෞකාව මුදා ගැනී­මට අවශ්‍ය පිය­වර ගන්නා බව ද ප්‍රකාශ කර තිබේ.

මුහුදු කොල්ල­ක­රු­වන්ගේ තර්ජ­නය හේතු­වෙන් ලොව වඩාත්ම කාර්ය­බ­හුල මුහුදු මාර්ග­යක් වන ඒඩ්න් බොක්ක ආශ්‍රි­තව යාත්‍රා කරන නෞකා අනා­ර­ක්ෂිත තත්ත්ව­ය­කට පත්වී ඇති අතර, මීට දින කිහි­ප­ය­කට පෙර බොර­තෙල් බැරල් 18,500ක් පැටවූ Honor 25 නමැති නෞකාව ද පැහැ­ර­ගෙන ගිය බව වාර්තා වේ. නෞකාව පැහැර ගැනී­මට පෙර එහි කපි­තා­න්ව­රයා බ්‍රිතාන්‍ය සමු­ද්‍රීය වෙළෙඳ මෙහෙ­යුම් මධ්‍ය­ස්ථා­න­යට දැනුම් දී ඇත්තේ සන්නද්ධ කණ්ඩා­ය­මක් නෞකාව වෙත ළඟා වෙමින් සිටින බවය.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *