Latestදේශීයමතවාදවම

අද මාක්ස්ගේ උපන්දිනය

(කල්ප රාජපක්ෂ)

නව වටයකින් ලංකාව ඇතුලේ මාක්ස්ව සාකච්ඡා වෙන්න පටන් අරන්.

වියලී ඉරිතලා ගිය පොළවක හරි බීජ යට කරන්න අපි සාමුහිකව දරපු උත්සාහයන් හෙමින් ඵල දරමින් තියනවා.

Gen- Z අලුතින් හිතන්න විදිහක් සොයමින් ඉන්නවා.

ඉදිරියේදී අපි ඇතැම් විට මාක්ස්ව TickTok එකේ සාකච්ඡා කරන්න පටන් ගනී.

ධනපති දෘෂ්ටිවාදයට පහර දිය යුත්තේ එය සතුව තියන නවීනම, බහුප්‍රචාරයට පත්වූ ආයුධ වලින්.

නමුත්, platform capitalism ඇතුලේ තමන්ගේ ආත්මය views වලට පාවා නොදී, රසිකත්වයේ cheeseburger එකක් වගේ ගොදුරක් නොවී. ඒක අමාරු වැඩක්!

කැනඩාවේ මොන්ට්‍රියල් විශ්වවිද්‍යාලයේ තමන්ගේ ආචාර්ය උපාධිය හදාරන චීන ශිෂ්‍යයෙක් එක් දිනක් මාව හමුවෙන්න ආවේ තමන්ගේ නිබන්ධනය සදහා සම්මුඛ සාකච්චාවක් ගන්න.

පළමු දවසේ සාකච්චාවෙන් පස්සේ ඔහු තවත් දවසක් මාව හමුවෙන්න අවශ්‍ය බව කිවේ යම් විදිහක දැනට එකතු කරගත්ත තොරතුරු සම්පිණ්ඩනය කරගන්න. අද සාකච්චාවේදී ඔහු වැදගත් යමක් කීවා.

“Now I question the fundamentals of my disseration”/ මම දැන් මගේ නිබන්දනයේ මුලධර්ම ප්‍රශ්න කරමින් සිටීමි.

ඔහුගේ නිබන්දනය සිදු වෙන්නේ ගෝලීය දකුණේ ණය ප්‍රශ්නය සම්බන්දයෙන්. ඔහුගේ ක්‍රමවේදය සහ න්‍යාය සම්පුර්ණයෙන්ම පදනම් වෙන්නේ නවසම්භාව්‍යය ආර්ථික විද්‍යාව මත. බුෂුවා ආර්ථික විද්‍යාවේ බහුප්‍රචාරයට පත්, මියෙමින් තියෙන පුරුක නවසම්භාවයය ආර්ථික විද්‍යාව.

ලෝකයේ කෙසේ වෙතත් ලංකාවේ නම් තමන් ඉගෙන ගන්නේ නවසම්භාවය ආර්ථික විද්‍යාව බව නොදැන තමන්ගේ මූලික උපාධිය අවසන් කරන පිරිස විශාලයි. ඒ තරමට ම ආර්ථික විද්‍යාව ඇතුලේ දර්ශනය, ඉතිහාසය සහ සමාජය ගැන සංවාදය මිය ගොස්. ගෝලීය උතුරේ ඇතැම් විශ්වවිද්‍යාලත් ඉන් වෙනස් නෑ.

මම කලින් කී චීන ශිෂ්‍යයා ඒ වගේ ශික්ෂණ ක්‍රමයක ගොදුරක්. මේ මොහොතේ ඔහුට ඔහුවම, ඔහුගේ න්‍යායාත්මක විස්වාසම ප්‍රශ්න කර ගන්න ලැබීම සතුටට කරුණක්.

මාක්ස්ව අපි නැවත සාකච්චා කළ යුත්තේ ඔහු තරම් නිවැරදිව, විද්‍යාත්මකව දේශපාලන ආර්ථිකයේ මේ ගැඹුරු සත්‍යය කිසිදු දාර්ශනිකයෙක් එළිදරව් නොකළ නිසා.

විමුක්ති දේශපාලනයට මාක්ස්ගෙන් තොරව ගමන් කළ නොහැකියි. මාක්ස් විරෝධී, නිර්ධන පන්ති විරෝධී පශ්චාත් නූතන ධාරාවන් හුදු වටමේස සාකච්ඡා, සහ පුද්ගල කල්ට් වලට මිස සාමුහිකත්වය ගොඩනැගීම වෙනුවෙන් වන දර්ශනයන් බවට නොවන්නේ අන් කවර දේටත් වඩා දේශපාලන ආර්ථිකය තුළ නීර්ණය වන සමාජ සම්බන්ධතා පන්ති නොවන අනන්‍යතා සහ මනෝවිද්‍යාත්මක ඌනිතවාදයකට නතු කිරීම නිසා.

ධනවාදය තුල පැවැත්ම සහ අරගලය ගැන පමණක් නෙවෙයි එහි බුෂුවා ගණන් බැලීම් වල ආර්ථික තර්කයත් නැත්නම් ආර්ථික විද්‍යාවත් මාක්ස් මාක්ස් නිවැරදිව විචාරයට ලක් කරනවා. එහි සාරය සහ ශක්තිය ඉතිහාසයේ පැලුම් වලින්, ජාතිකත්ව බේදයකින් තොරව මතුවීම සතුටක්.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *