වියට්නාම් ජනාධිපති දිවයිනට
ශ්‍රී ලංකා – වියට්නාම සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කරමින් දෙදින රාජ්‍ය සංචාරයක් සඳහා වියට්නාම ජනාධිපති ටෝ ලාම් මහතා අනිද්දා ( 07 ) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට වසර 55ක් සපිරීම නිමිත්තෙන් පසුගිය 2025 වසරේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ කළ රාජ්‍ය සංචාරයෙන් පසුව සිදුකළ ආරාධනයට අනුව මෙම සංචාරය සිදුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
මෙම සංචාරය අතරතුර, ජනාධිපති ටෝ ලාම් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහත්වරුන් අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්‍ර ගණනාවක් ආවරණය වන පරිදි ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.
ඊට අමතරව වියට්නාම ජනාධිපතිවරයා ‘ශ්‍රී ලංකා – වියට්නාම් වෙළඳ, ආයෝජන සහ සංචාරක සංසදයේ’ සමාරම්භක උත්සවය ඇතුළු ඉහළ මට්ටමේ වැඩසටහන් කිහිපයකට ද සහභාගි වීමට නියමිතයි.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

