Latestදේශීයනවතම ලිපිමතවාද

ආන්ඩුව සම්බන්ධයෙන් කළකිරීමේ අනතුර

(වංගීස සුමනසේකර)

පල්ලේගම හේමරතන හිමියන් අත්අඩංගුවට ගැනීම ප්‍රමාද වීම යහපත් දෙයක් කියා මා සිතන්නේ නැත. මේ ප්‍රමාදය පසුපස සිටින්නේ පොලීසිය යන්න මගේ තක්සේරුවයි. මෙහිදී ආණ්ඩුව අතින් සිදුවන වරදක් තිබෙන්නේ නම් එම වරද වන්නේ සක්‍රීයව මැදිහත්වී නීතිය ක්‍රියාත්මක කරන ලෙස පොලීසියට සන්නිවේදනය නොකිරීමයි. එවැනි තීරණයක් ගැනීමට ආණ්ඩුව පසුබට වන්නේ ඇයිද යන්නත් පැහැදිලි වෙයි. අපට මේවා කීමට පහසුය. නමුත් මේ ආකාරයේ සංකීර්ණ බල ව්‍යුහයන් අභියෝගයට ලක් කිරීමේ ප්‍රතිවිපාක එකවර ගණනය කිරීම පහසු නොවේ.

නමුත් තවදුරටත් මෙය කළ හැකිය කියා මට සිතෙන්නේ නැත. එසේ කිරීමෙන් සාධාරණත්වය පිළිබඳව හැඟීමක් තිබෙනා බොහෝ දෙනෙකු ආණ්ඩුව සම්බන්ධයෙන් කළකිරීමේ අනතුරක් තිබේ. අනෙක් අතට මෙවැනි තත්වයක් යටතේ මේ චෝදනා වැරදි වනවා කියා තහවුරු වුවහොත් එය නිවැරදි විනිශ්චයක් කියා පිළිගැනීමට බොහෝ දෙනෙකු මැලි වනු ඇත. ඒ වෙනුවට බොහෝ දෙනෙකු තීරණය කරනු ඇත්තේ මෙය යටගසා ඇති බවයි. එනිසාම පල්ලේගම හේමරතන හිමියන්ට සිය නිවැරදි බව තහවුරු කිරීම සඳහාද තිබෙන හොඳම තෝරාගැනීම වන්නේ පොලීසියට බාර වීමයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *