Latestවිදේශීය

විජේ තමිල්නාඩු මහ ඇමති

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ජය ගත් ජනප්‍රිය නළු ජෝෂප් විජේ තමිල්නාඩු ප්‍රාන්තයේ නව මහ ඇමතිවරයා ලෙස අද (10) දිවුරුම් දුන් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

චෙන්නායිහි ජවහල්ලාල් නේරු ක්‍රීඩාංගණයේදී දිවුරුම් දීම සිදුව ඇත.

තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ අවසන් ප්‍රතිඵල අනුව ජය ගැනීමට ජෝෂප් විජේ සමත් වුවත් ඉන්දීය ප්‍රාන්ත බලය තහවුරු කරගැනීමට අවශ්‍ය වූ ආසන සංඛ්‍යාව සපුරා ගැනීමට ඔහුට නොහැකි විය.

ඒ අනුව ඉන්දීය ජාතික කොංග්‍රසය, VCK පක්ෂය, ඉන්දීය කොමියුනිස්ට් පක්ෂය සහ ඉන්දීය මාක්ස්වාදී කොමියුනිස්ට් පක්ෂය විජේගේ TVK පක්ෂය සමග එක්වීමත් සමගින් ඔහුට අවශ්‍ය වූ ආසන සංඛ්‍යාව සම්පූර්ණ කරගත්තේය.

තමිල්නාඩු ආණ්ඩුකාර රාජේන්ද්‍ර විශ්වනාත් අර්ලෙකාර් විසින් ඊයේ (9) මන්ත්‍රීවරුන් 234 දෙනෙකුගෙන් යුත් මන්ත්‍රී මණ්ඩලයේ තේරී පත් වූ මන්ත්‍රීවරුන් 120 දෙනෙකුගේ සහාය ලබා ගැනීමෙන් පසු විජේ මහ ඇමතිවරයා ලෙස පත් කරන ලදී.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *